(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නිර්දේශය සඳහන් වන්නේ එම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිකරගන්න එපා යයි කියලා කියන්න තරම් කොන්ද පණ නැති මුදල් පිලිබඳ කාරක සභාවේ සභාපතිවරයාට අපගේ බලවත් ශෝකය.
රටේ ජනතාවට කොකා පෙන්නලා මුන් හොඳට බෙදාගෙන කනවා .ආණ්ඩුවේ උන් මේවට විරුද්ධ වෙන්නේ නැහැ
වාර්තාව ක්‍රියාත්මක වීම...! අනේ මන්දා ප්රවෘත්ති වාර්තා අනුව මහබැංකු අලුත් පනතින් පාර්ලිමේන්තුවේ නියෝග ක්‍රියාත්මක කිරීමට... මහ බැංකුව බැඳිලා නැහැලු.
මට නම් ඕවයින් වැඩක් නැහැ...ඩොලර් එක හොඳටම බැහැල නිසා පුළුවන් තරම් ඩොලර් එකතුකර ගන්න ඕනා ඇමරිකාවට ගිහින් එහෙ වියදම් කරන්න.......ලංකාවට ඩොලර් එවන හා මේ රටට ඩොලර් උපයන එවුන්ට ඕනා කුදයක් ගහගන්න කියලා අපි මේකෙන් වාසි ගන්න විදිහකුයි සැලසුම් කල යුත්තේ....රුපියලේ වටිනාකම කෘතිමව ඉහල දැමීමෙන් පිටරටවල සිට මුදල් එවන රට හරක්ට නිසි වටිනාකම නොදීමෙන් කොතරම් මුදලක් මහා බැංකුව උපයනවද..? ඒ ගැන මේ රටේ බල්ලෙක් වත් හිතන්නේ නැති එකනේ පුදුමේ... රුපියල නැගලා උද්ධමනය අඩුවෙලා භාණ්ඩ මිල හොඳටම බැහැලා තියෙද්දී අතේ ඉතිරිවෙන විශාල රුපියල් ප්‍රමාණය පුණ්‍ය කර්ම වෙනුවෙන් වියදම් කරන එකයි මම නම් කරන්නේ...එත්, ඉතින් අපිට කොයින්ද ඒවාට සම්මාන....?????
කල් දාලා තියෙන්නේ ,නවත්තලා නෙමේ ,සද්ද නැතිව ඉඳපල්ලා තව ටික දවසකින් හොරෙන්ම වැඩිකර ගනිල්ලා කියලා කියන්න ඇති ,මෙහෙම කොන්දක් නැති නායකයෝ තමා අපිට ඉන්නේ
රටේ වෙනත් වෘත්තිකයො 20,000 ක වැටුප් ඉල්ලීමක් ඉල්ලල රජයෙන් 10,000 ක් දෙන එකට එකඟ වෙලා හිටියෙ. නමුත් ඉතාම අසාධාරන විදියට වෛද්‍යවරුන්ට පමණක් තවත් 35,000 ක වැඩි වීමක් දුන්න. වෙනත් වෘත්තිකයො වෙනත් වැටුප් වැඩිවීමක් ඉල්ල ඉල්ල කෑගැහුවෙ නැත්තෙ රටේ තියෙන තත්වය තේරුම් අරන්. මහ බැංකුවට උනත් කලින් වැටුප් වැඩිවීමකට යන්න අවස්තාවක් තිබ්බ. නමුත් මෙ හැමෝටම හොරෙන් GMOA එක 35,000 කරගත් එකෙන් තම සියලුම වෘත්තිකයො ඇවිස්සුනෙ. ඒ දවස්වල GMOA එක කිව්ව එයාලට විතරක් වැඩි උන එක සාධාරණයි. එහෙම වැඩිවීමක් ඔනිනම් හැමෝටම mbbs කරල එන්න කියල. මහ බැංකුවට මෙච්චර ප්‍රමාණයක් වැඩි කරපු එක අසාදාරණයි තමා. නමුත් දොස්තරලට අයිතියක් නෑ ඒකට විරුද්ධ වෙන්න. මොකද එයාලත් මේ ප්‍රශ්න අස්සෙ ගිහින් ඉල්ල්ල තියෙන්නෙ රු ලක්ෂ 3 ක්. හම්බ උනානම් එයාලට ලස්සනට එක සාධාරඊයකරනය කරනවා.