(විමුක්ති එස් රුද්‍රිගු)
රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.
ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය.
මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.
මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති සහ පාලක මණ්ඩලය එළඹී 2024-2026 සාමූහික වැටුප් ගිවිසුමට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව බැඳී සිටින බවද එම සංගමය සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පැවැසුවේය.
බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බවත් එම සංගමය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි ගලනය මොන බොරුවක්ද? ඔය කියන ආකාරයට මේකේ ඉඳලා රට ගියා කියන දක්ෂ, අවංක බුද්ධිමත් නිලධාරීන් හිටියා නම් රටේ ආර්ථිකය මේ විදිහට විනාශ වේවිද? යුරෝපයේ, ඇමරිකාවේ සේවය කළත් ආදායම් බදු විශාල ලෙස ගෙවන්න වෙනවා. මෙහේ වගේ බොරු කරකර කාලය ගත කරන්න එහෙ බැහැ. බොරු කළොත් එළියේ...
මහබැංකුවට වඩා වැඩි වෘත්තිකයින්ට සංඛ්‍යාවක් වෛද්‍ය ඉන්ජිනේරු තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අහිමි වුණා... මහබැංකුව තම රාජකාරිය හරියට නොකළ නිසා... ඔවුන් ජන ජීවිතය පවත්වාගෙන යාමට රටට අත්‍යාවශ්‍යම කණ්‌ඩයම්... මහබැංකුව නැතිව රටට දුවන්න පුළුවන් කියලා කබරාල් උන්නැහේ වගේ අයෙක් ඒකේ අධිපතිකමට දාලා රාජපක්‍ෂ කල්ලිය පෙන්නුවා.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වීම ගැටළුවක් නොමැත. රටේ ආර්ථිකය කඩාවැටී සමස්ත ශ්‍රී ලංකාවම සහ රටේ දුප්පත් මිනිසුන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන්නා වූ අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා කටයුතු කිරීම වෙනත් රටක හෝ ආයතනයක ඉහළ වැටුපකට රැකියාවක් ලබාගැනීමට වඩා වැදගත්වේ.
මම යෝජනා කරනවා... මේ කියන දේ ගැන විගණනයක් කරන්න. මමත් ඔතැන හිටපු කෙනෙක්. මහා බැංකු අධිපතිටවත් ඔය කියන ආයතන වලින් ඉල්ලුමක් නෑ. අස්වෙලා යන්නේ පොඩි රස්සාවලට සේරම... මට කවදාවත් ලංකාවේ කෙනෙක් WB එකේ පිටරට කාර්යාල වල ඉන්නවා හමුවෙලා නෑ. මම හොඳින් දන්නවා එක සැරයක් CFO කෙනෙක් ගන්න අවස්ථා 5ක් තිබුණු දවසේ එක දිගටම, ඩුබායිවල. ලංකාවෙන් CB එකේ BOI එකේ හා වෙනත් විශාල මූල්‍ය ආයතනවල ලොකු පුටුවල අය හිටියා. එක්කෙනෙක් වත් ඒ IQ එක පාස් වුනේ නෑ. පස්සේ ලීඩර් ශිප් ඇසෙස්මන්ට් එකත් ඒ වගේ. හෝගන් එකෙන් තමයි මේ ටෙස්ට් දෙකම කළේ... විවිධ රටවල 53 දෙනක් හිටියා. ඒවා ඉතා අමාරු ඇසෙස්මන්ට් එකක්. ඩොලර් 30,000 එහා මාසික වැටුප් ලැබෙන ජොබ් නිසා...!
බුද්ධි ගලනය නැවැත්වීමට මහ බැංකුවේ විතරක් පඩි වැඩි කරලා හරියනවාද? දියවන්නාවේ ඉන්න කෂ්ටියගේත් පඩි සහ දීමනාත් සියල්ලම වැඩිකළ යුතුයි... බැරිවෙලාවත් දියවන්නාවේ කෂ්ටිය රට හැර ගොස් උගන්ඩාවේ රාජ්‍ය පාලනයට ගියෝතින්, අපේ රට 2048 වෙනකොට ආසියාවේ ආශ්චර්යය වෙන්නේ කොහොමද? පොඩ්ඩක් කල්පනා කරනවලකෝ...!
තමන්ට කෙලවෙනකොට තමයි තේරුනේ දරන්න බැරි තරම් බදු කැපුවාම රට හැර යනවා කියලා.. මහ බැංකුව විතරක් ඇරගෙන මොකටද මහත්තයෝ රටම කඩා වැටෙන්න දීලා.. අනිත් සියලුම ක්ෂේත්‍රවල ඉරණමත් ඔච්චරයි.. ඕකෙ ඉන්න ලොකු තැන්වලට කපාගත්තු බදුවලට හරියන්න තමන්ගේ පඩි වැඩිකරන ගමන් හිතලා බලන්න කියන්න, ඒ ගොන් තීරණ හින්දා අනිත් සියලුම ක්ෂේත්‍රවල විද්වතුන් රට හැර ගියාට පස්සේ මහ බංකුවත් වහලා දාන්ඩ වෙයි කියලා...!
අපේ පඩියෙන් උපයන විට බදු වැඩිකරේ මේ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්නද?
පලපුරුද්ද වැඩි වෙලා වෙන්න ඇති රට මේ තත්වයට වැටුණේ...!
"මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැරයාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය" බම්බුව තමයි. බැංකුව හොරකම් කරන කාලේ ඒ ඇත්තෝ කොහෙද උන්නේ?
දී කිරට බළල්ලුත් සාක්කිලු! අනේ මෙහෙමත් රටක්! එන්න, අපි අමාරුවෙන් වැඩකරලා, බදුගෙවලා, දේශපාලුවන්, රජයේ සේවකයින්, සහ මහබැංකු සේවකයින්ට ලොකු පඩි ගෙවලා රට බංකොළොත් කරමු.
එතකොට රට බංකොලොත් වෙනකම් සැලසුම් හදලා ඒවා අනුමත කරලා නිශ්ශබ්දව හිටියේ ඔය කියන ආර්ථික ඔස්තාර්ලා නොවෙයිද? ඕකට ගමේ සිල්ලර බදු කඩේ මුදලාලි කෙනෙක් උපදේශක තනතුරු දුන්නා නම් රටම ගොඩ...
කිතුල් ගහට නැග්ග හොරා වගේ...!
බුද්ධි ගලනය මහබැංකුවට පමණද? දොස්තරලා, ඉංජිනේරුවෝ වගේ වෙනත් ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය අවුලක් නැතිද?
ඉස්සර පළපුද්ද තිබුණු අය ඉඳලත් මෙහෙම් කෙළ වුණා නම් දැන් මොකටද මේ අයට පඩි වැඩිකරන්නේ..? මහ බැංකුවේ වැඩ කලින් හරියට වුණා වගේ මේගොල්ලන්ගේ කතාව.. බුද්ධි ගලනය කියන්නේ ඔළුවක් තියෙන වැඩක් කරපු උගත් පුද්ගලයින් රට හැරයාම... නැතුව රටට කෙළවෙන්න වැඩකරපු සමහරක් යන එක නෙමෙයි...
කූඨ තක්කඩි දේශපාලුවන් සමග එක්වෙලා රට බංකොලොත් කෙරුව වැඩකට නැති වැඩ බැරි හොර නඩයක් මහ බැංකුව අස්සේ ලැගගෙන ඉන්නේ... ඒ නිසා ඉන්න බැරිනම්, කරන්න බැරිනම් කරුණාකරලා යන්න... පුළුවන් අය තව ඕනෑතරම් තව රටේ ඉන්නවා.
කිතුලේ නැග්ග මිනිහාටත් හේතුවක් තිබුණා. මොකද කට්ටිය රට හැර යනකොට උගත් තරුණ කොටස් නැද්ද ඒ අඩුව පුරවන්න...?
රටේ ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවරුද රට හැර යනවා හා ගියේ මොකක්ද..? ඔයාලාට විතරක් තියෙන අමුතු වැඩිවීම මුළු රටම අමාරු කාලයක් ගත කරනකොට ඕකත් එක්තරා හොරකමක් නොවෙයිද?
ඔබතුමන්ලා දන්නවද මන්දා අනිත් රජයේ ආයතන වල නිලධාරීන්ගේ පඩිය. පොඩ්ඩක් ඔයාලා බලන්න.
ඔහේලා කරපු දේවල් නිසා තමයි අද ශ්‍රී ලංකාවක් වෙලා තිබුණු රට නවශ්‍රීලංතයක් වගේ ඉහල රටක් වුනේ. සමහර රටවල නම් පිරමිඩ ජාවාරම්කරුවන් සල්ලි මංකොල්ල කාලා රට පනිනකම් දන්නේ නෑ. ඒකට අපේ මහ බැංකුව එසැනින් ක්‍රියාත්මක වෙලා ඒ වගේ මූල්‍ය ජාවාරම් නවත්තලා දානවා. සක්‌විති, දඬුවම් වගේ අය වෙන රටවල කරන දේ මේ රටේ කරන්න බැරි මහ බැංකුවේ අපේ මහත්වරු කරන කැපකිරීම නිසයි. ඉතින් ඒ අයට පඩි වැඩි නොකර ඒ මුදල්වලින් වැඩකට නැති අධ්‍යාපනයට වියදම් කරන්නද කියන්නේ...?
මොවුන්ගේ සේවය ගන්න අනිත් රටවලුත් බංකොළොත් වෙනවා.
ඔය කියන බුද්ධි ගලනය අනිත් ක්ෂේත්‍රවලට අදාල නැද්ද?
ඒක පාර්ශ්වික බලය ප්‍රදර්ශනය කරන කැත විදිහට තමන්ට බෙදාගන්න උගත් කියන ජාතිය රටට ඕනද? ලංකාව ගොඩ ගන්න ඕන වැඩ කරන හොර නොකරන අනුන් ගැනත් හිතන සේවකයින් විතරයි. මේ වගේ අසික්කිත උගත්තු නොවේ...
පුළුවන් අය ගිහිල්ලා ඉවරයි .දැන් ඔය ඉන්නේ මුකුත් කරගන්න බැරි නිකමෝ ටික
ඔක්කෝටම ඉස්සෙල්ලා මෙවැනි ක්‍රමවේදයක් හදලා, කැබිනට් පේපර්ස් පාස් කරපු කට්ටිය උල තියලා ඉන්න ඕනේ...!
අපොස සාමාන්‍ය පෙළ සමත් සුළු සේවකයකුට වැටුප ලෙස රුපියල් ලක්ෂ 2ක් මාසික වැටුප ලෙස මහ බැංකුවෙන් ලැබේ. කෙසේ වෙතත් රාජ්‍ය අංශයේ වසර 25ක සේවයෙන් පසු ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකුට සියලු දීමනා ඇතුළුව මාසික වැටුප ලෙස ලක්ෂ 3ක් ලැබේ. මේ සංසිද්ධීන් සිතේ තබාගෙන රටේ අනාගත සෞඛ්‍යය ගැන සිතන්න. ඇත්තටම දක්ෂ අය මේ රටේ ඉඳියිද? සැබෑ හේතුවක් නොමැති නම්, මෙම ප්‍රවෘත්ති ඇසෙන විට බොහෝ දෙනෙකුට සංක්‍රමණය වීමට අවශ්‍ය වනු ඇත...
හොඳ වෙලාවට අර්ජුන් මහේන්ද්‍රන් නැත්තේ නේද?
අනිත් මිනිස්සුන්ටත් පඩි වැඩි කරන්න කියන්න මතක් වෙලා තියෙන්නේ දැන් තමයි. කලින් කියලා කෙරෙව්වේ තියෙන පඩියත් බදුවලට කපා ගන්න එක. බදුවලට පඩි කැපුණු අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වෙන කොට එදා කිව්වේ කැප කරන්න රට ගොඩ ගන්න උදව් දෙන්න කියලා. වැඩි කරපු බදු වලට පඩි කැපුවාට පස්සේ ඒ මිනිස්සු උන්නද මලාද කියලාවත් ඔය හාදයෝ බැලුවේ නැහැ. කිසිම සහනයක් දෙන්න නිකමටවත් බැලුවේ නැහැ. මට නම් කියන්න තියෙන්නේ මේ අයට ගෙවපු පඩිය මදිනම් යන දිහාවකට තොලොංචි වෙලා යන්න කියන්න. හරි නම් ඔය කට්ටියට කරන්න ඕනෑ පඩි අඩුකරන එකයි. තමන්ගේ රටේ මහ බැංකුව, රට බංකොලොත් වෙනකම් බකන් නිලාගෙන හිටපු මේ ගොල්ලෝ වෙන රටවල්වලට ගිහින් රස්සාවල් ඉල්ලපු ගමන් රතු පලස් එලලා පිළි අරගෙන මෙන්න කියලා දේවි ඉහළ තනතුරු... මහ බැංකුවල නෙමෙයි නිකම් පොඩි බැංකුවකවත් පියන් කමක්වත් දෙයි කියලා හිතන්න බැහැ. අනිත් අතට රටේ පාලකයෝ සමහර පනත් සම්මත කර ගන්නේ නිකම් අන්ද කයිප්පු කැවිලා වගේ. කාට වුණත් ස්වාධීන බලය දුන්නාම මෙහෙම දේවල් වෙනවා කියලා කලින්ම හිතාගන්න බැරි මිනිස්සු රටක් පරිස්සමට බලා කියාගෙන පාලනය කරාවී කියලා හිතන්නවත් පුළුවන්ද?
තව, දවසක් දෙකක්, වැඩිම වුනොත් සතියක් මේ ගැන මතක තියෙයි. කතා කරයි. ඊට පස්සේ මොනවත් මතක නෑ. අපූරුවට වැඩිකළ පඩිය මහ බැංකුවේ අය ගනියි. බොරු වැඩ...!
පාර්ලිමේන්තුවට පසුව තනිකරම වන්චාව රජ කරවන ලංකාවේ ඇති ප්‍රධානතම ආයතනය ශ්‍රි ලංකා මහ බැංකුව. මේවාවල ඉන්න පාදඩ නරුමයෝ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් සිට එම ජනතාවටම විනාශය හදලා පසුව පිට රටකට තමන්ගේ ළමයි ටික යවලා තමනුත් ගිහින් පදිංචි වෙනවා. ද ෆිනැන්ස් සමාගම විනාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා මම බව නැතුව කියනවා. විශාල වත්කම් ප්‍රමාණයක් තිබූ ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම බංකොළොත් භාවයට පත් වුණේ මහ බැංකුවේ පාලනය යටතේ තිබියදී... වෝහාරික පරීක්ෂණයක් මේ සඳහා කළයුතුයි..
ඕකෙ ඉන්නේ මන්ද බුද්ධිකයෝ...!
දැන් ඔය කියන විදියට ගිහින් ලෝක බැංකුවේ මහපුටුවල ඉන්න අයට නම් ඇතිනේද? කියන්න බලන්න දෙක තුනක්. නැතිනම් ඉතින් ලෝක බැංකුවේ ඉන්න යාලුවන්ගෙන් රටට බිලියන 30ක් විතර ණයක් අරන් දෙන්න. 0.1% වගේ පොලියට. ඔය ඉතිරි අයත් පුළුවන් නම් ලෝක බැංකුවට යන්න. මේ රට මහබැංකුව නැතිව හොඳට යාවි. මහබැංකුව පුච්චපු බිලියන 5ක් ඩොලර් ටික හරි තියෙනවා.
මොනම ආයතනයකටවත් තනි ස්වාධීනත්වයක් (අධිකරණයට හැර) නොදිය යුතුයි. අධීක්ෂණයක්, නියාමනයක් සිදුකළ යුතුයි. මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියනවා කියන්නේ බොරුනේ...!