(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය.
මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.
මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බවයි.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහ බැංකුවේ තටු කපන්න යයි
Gal ibba Wednesday, 13 March 2024 07:10 PM
අම්බෝ ජාතික වැදගත්කම ඒකේ. මෝඩ මිනිස්සුන්ව චූන් කරන්න හොඳයි. ඔවුන්ට දැන් ඔක්කෝම අමතකයි...
Gayantha wickramasinghe (LL.B) Wednesday, 13 March 2024 09:51 PM
මේ රටේ තියෙන සැම රාජ්‍ය ආයතනයක්ම 148 ව්‍යවස්තාවට යටත්. මහා බැංකුවේ ලොක්කා ඒක නොදන්නවා වුණාට... රටේ මිනිස්සු දහ දුක් විඳිනවා VAT වැඩි කළා. Income Tax ඕනි. මොවුන්ට විතරද ආරථික අමාරුකම් තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? ඕනෑ කෙනෙක් රට ගියපුදෙන්. ගියා කියලා රට වහන්නේ නෑ. ඔබලා ඉඳලනේ රට බංකොලොත් කළේ.
chandima Thursday, 14 March 2024 12:40 AM
පහුගිය කාලයේ මහබැංකු අධිපති ඇමැතියෙකුත් උන්නා නේද? ඒ කාලේ තටු කපන්න හිතුණේ නැතිද?
chandima Thursday, 14 March 2024 05:00 AM
මහබැංකුවට ආයෙත් මචන්ලා රැළක් ගෙනත් විදලාම යන්න වගේ සූදානම...?
Gayantha wickramasinghe Thursday, 14 March 2024 07:04 AM
මෙ රටෙ අනිත් රාජ්‍ය සේවකයින්ට උද්දමනය බලපන්නේ නැද්ද? ඒ මිනිසුන්ට දරුවන් නැද්ද? රට හැරදා ගියාලුනේ 99ක්. යන කෙනෙක් රට ගියපුදෙන්. ඔවුන් රට ගියා කියලා මේ රට වැහුවාද? මේ රටේ ආර්ථිකය විනාශ කරන්න මහ බැන්කුවේ අය වග කියන්න ඕනෑ. 1 පන්තියේ උපාධිය අරගෙන 3 පන්තියේ වැඩ ඔවුන් කලේ. උදේට බලන්න මහ බැන්කුවේ ගැහැණු යන්නේ fashan show එකට වගේ. සාරියක් Rs 30,000 ඒවා අඳින්නේ... රටට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නෑ. සීතල කාමර වල ඉඳන් ප්‍රායෝගික නොවන තීරණ අරන් තමයි මෙහෙම වුනේ. රටේ මිනිස්සු දන්නේ නැහැ... මොවුන් විනෝද චාරිකා යන්නේ පිටරටවල. 1% පොලියට නිවාස ණය මිලියන 20ක් ගන්නවා. මේ රට කරලා ගොඩ දම්මා නම් මෙහෙම පඩි ගත්තාට කමක් නහෑ. හරි නම් ගෝඨාභය වගේ ගහලා පන්නන්න ඕනෑ. මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...
Rohana Thursday, 14 March 2024 11:23 AM
ඉතිහාසයේ මේ තාක්කාලයකට ආයතනයක වැටුප් වැඩිකල පසු අඩුකරන ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. මහබැංකු පනත සංශෝධනය කළත් එය අතීතයට බලපාන ලෙස වෙනස්කරන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවේ. වැඩිකළ වැටුප් අඩුකිරීම ප්‍රයෝගිකද කියා ප්‍රශ්නයක් මතුවේ. අවශ්‍ය නම් ඉදිරියේදී වැටුප් වැඩි නොකර සීටීමට හෝ වැටුප් අනුමත කිරීමේ බල අධිකාරියේ වෙනසක් කිරීමට ඉඩ ඇත.
රාජේශ් ඛන්නා Thursday, 14 March 2024 11:59 AM
රාජපක්ෂලාට ඉගිලෙන්න තටු සවි කළ මොවුන් දැන් මහා බැංකුවේ තටු කපන්නයි කතාව. ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ මුදල් බලතල තිබුණේ ව්‍යවස්ථාදායකයටයි. තමුන්නාන්සේලා එකතුවෙලා චන්ද්‍රිකාට නොතිබුණු මුදල් බලතල රාජපක්ෂලාට දීලා එකතුවෙලා රටටම කෙළවලා දැන් තට්ටක් ගැන බයිලා ගායනාව.
Kazi Shajahan Thursday, 14 March 2024 02:38 PM
ඔය මනුස්සයා ඔය ජාතියට වැඩක් කළාම තමයි... ඉස්සර රාජපක්ෂගේ ගුණ ගායනා කළා විතරයි නේ කළේ...!