(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය.
මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.
මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බෝ ජාතික වැදගත්කම ඒකේ. මෝඩ මිනිස්සුන්ව චූන් කරන්න හොඳයි. ඔවුන්ට දැන් ඔක්කෝම අමතකයි...
මේ රටේ තියෙන සැම රාජ්‍ය ආයතනයක්ම 148 ව්‍යවස්තාවට යටත්. මහා බැංකුවේ ලොක්කා ඒක නොදන්නවා වුණාට... රටේ මිනිස්සු දහ දුක් විඳිනවා VAT වැඩි කළා. Income Tax ඕනි. මොවුන්ට විතරද ආරථික අමාරුකම් තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? ඕනෑ කෙනෙක් රට ගියපුදෙන්. ගියා කියලා රට වහන්නේ නෑ. ඔබලා ඉඳලනේ රට බංකොලොත් කළේ.
පහුගිය කාලයේ මහබැංකු අධිපති ඇමැතියෙකුත් උන්නා නේද? ඒ කාලේ තටු කපන්න හිතුණේ නැතිද?
මහබැංකුවට ආයෙත් මචන්ලා රැළක් ගෙනත් විදලාම යන්න වගේ සූදානම...?
මෙ රටෙ අනිත් රාජ්‍ය සේවකයින්ට උද්දමනය බලපන්නේ නැද්ද? ඒ මිනිසුන්ට දරුවන් නැද්ද? රට හැරදා ගියාලුනේ 99ක්. යන කෙනෙක් රට ගියපුදෙන්. ඔවුන් රට ගියා කියලා මේ රට වැහුවාද? මේ රටේ ආර්ථිකය විනාශ කරන්න මහ බැන්කුවේ අය වග කියන්න ඕනෑ. 1 පන්තියේ උපාධිය අරගෙන 3 පන්තියේ වැඩ ඔවුන් කලේ. උදේට බලන්න මහ බැන්කුවේ ගැහැණු යන්නේ fashan show එකට වගේ. සාරියක් Rs 30,000 ඒවා අඳින්නේ... රටට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නෑ. සීතල කාමර වල ඉඳන් ප්‍රායෝගික නොවන තීරණ අරන් තමයි මෙහෙම වුනේ. රටේ මිනිස්සු දන්නේ නැහැ... මොවුන් විනෝද චාරිකා යන්නේ පිටරටවල. 1% පොලියට නිවාස ණය මිලියන 20ක් ගන්නවා. මේ රට කරලා ගොඩ දම්මා නම් මෙහෙම පඩි ගත්තාට කමක් නහෑ. හරි නම් ගෝඨාභය වගේ ගහලා පන්නන්න ඕනෑ. මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...
ඉතිහාසයේ මේ තාක්කාලයකට ආයතනයක වැටුප් වැඩිකල පසු අඩුකරන ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. මහබැංකු පනත සංශෝධනය කළත් එය අතීතයට බලපාන ලෙස වෙනස්කරන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවේ. වැඩිකළ වැටුප් අඩුකිරීම ප්‍රයෝගිකද කියා ප්‍රශ්නයක් මතුවේ. අවශ්‍ය නම් ඉදිරියේදී වැටුප් වැඩි නොකර සීටීමට හෝ වැටුප් අනුමත කිරීමේ බල අධිකාරියේ වෙනසක් කිරීමට ඉඩ ඇත.
රාජපක්ෂලාට ඉගිලෙන්න තටු සවි කළ මොවුන් දැන් මහා බැංකුවේ තටු කපන්නයි කතාව. ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ මුදල් බලතල තිබුණේ ව්‍යවස්ථාදායකයටයි. තමුන්නාන්සේලා එකතුවෙලා චන්ද්‍රිකාට නොතිබුණු මුදල් බලතල රාජපක්ෂලාට දීලා එකතුවෙලා රටටම කෙළවලා දැන් තට්ටක් ගැන බයිලා ගායනාව.
ඔය මනුස්සයා ඔය ජාතියට වැඩක් කළාම තමයි... ඉස්සර රාජපක්ෂගේ ගුණ ගායනා කළා විතරයි නේ කළේ...!