(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් කළ මහා බැංකුවේ නිලධාරීන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි වීමක් ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පටි තද කරගන්න,කාර්ය මණ්ඩල අඩු කරගන්න කියා රටට උපදෙස් දෙන උදවිය මෙලෙස හැසිරීම යුක්ති සහගත දැයි කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිගේ වැටුප රුපියල් හත් ලක්ෂ දොළොස් දහසකින් වැඩි කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා මහා බැංකුවේ කාර්යාල කාර්ය සහයකුගේ වැටුප රුපියල් 75000කින් වැඩි කරගෙන තිබෙන බව සඳහන් කළේය.
මහා බැංකුවේ උදවිය කොලේ වහලා වැඩේ කරගෙන තිබෙන බව කී කිරිඇල්ල මහතා නීති විරෝධී ගෙවීමක් වන මෙය වහා නතර කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
මහා බැංකුවේ ස්වාධීනත්වය යනු පාර්ලිමේන්තුව මග හැරීම නොවන බවත් වේතන ගණනය කරන්නට ඔවුන්ට අවසර තිබුණත් ඊට පාර්ලිමේන්තු අවසරය අවශ්‍ය බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේ ගොන් කතා තම සමස්ත දේශපාලනය පුරාවටම කියන මේ මනුස්සය මහා බැංකුවේ ලජ්ජා නැති නිලධාරීන් ගැන නම් හොද කතාවක් කරලා.