(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.
මහ බැංකුවේ වැටුප් සංශෝධනය පිළිබඳ CoPF වාර්තාවේ නිර්දේශය මත පදනම්ව මෙම කමිටුව පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.
දිනේෂ් වීරකොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න,ඇන්තනි නිහාල් ෆොන්සේක,අනුෂ්ක එස් විජේසිංහ, දුමින්ද හුලංගමුව ස්වාධීන වේතන කමිටු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලා අර්ජුන් ඉන්න තැන හොයාගත්තා නම්
මහ බැංකුව හොරකම් කළ වෙලාවේත් රනිල් මෙවැනිම ස්වාධීන කොමිසමක් පත්කළා නේද?
දැන් කොමිටිය කිව්වොත් වැටුප් වැඩිකරගැනීම සාධාරණයි කියලා පියුන් කෙනෙකුටත් ලක්ෂඑකයි අසුදාහක වැටුපක් ගෙවනවාද? ඔය කියන විදිහට පිටරට ඇවිල්ල ලොකු වැටුප් ගෙදර ගෙනියන්න බැහැ. බදු වලට කැපෙනවා. ගූගල් කරලා ඒ ඒ රටවල Tax මොනාද කියලා බලන්න.