(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ලඩය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස්පති සී .ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත එකී විමර්ශන කටයුතු කොටුව පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.
ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා . පසුගිය 11 වැනි දින කොටුව පොලිසිය වෙත පැමිණිලි කළේය.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූ ගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත ඇති බවට එම පැමිණිල්ලෙන් පැවසිණි.ෙ
පැමිණිල්ල වහාම පරීක්ෂණ ආරම්භ කළ කොටුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිකුතු සුරක්ෂිතාගාරයේ සියළුම තරාතිරම් වල නිලධාරීන් 23 කුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිණි.
ඊට අමතරව අධි තාක්ෂණික සි සි ටි වි කැමරා ද පරීක්ෂාවට ලක් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකු වංචාව සී.අයි.ඩීයට
Lalla Wednesday, 26 April 2023 06:47 AM
පරීක්ෂණ කටයුතු බහාලීම... නවතම සංකල්පය...
Rohana Wednesday, 26 April 2023 08:04 AM
නැතිවූ මුදල් නෝට්ටුවල අංක ප්‍රසිද්ධකර භාව්තය තහනම් කලහැකිය.එවිට සොරාගත් පුද්ගලයාට එම මුදල් නෝට්ටු ගනුදෙනු සදහා යොදාගත නොහැකිවනු ඇත.