(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද(5) උදේ කැඳවෙති.
මහ බැංකුවේ ප්‍රධානීන් පක්ෂ නායකයන් හමුවට කැඳවෙන්නේ අද උදේ 10.30ය.
ඉන් අනතුරුව මහ බැංකු ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට උදේ 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් දැඩි ලෙස විරෝධය පළ කර ඇත. විරෝධය පළ කළ පිරිසේ ඇමතිවරු පිරිසක්ද සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මහ බැංකු නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තුව මෙතෙක් අනුමත කර නැති බවයි.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මහ බැංකුවේ නිලධාරීන් මෙසේ ලොකු ප්‍රමාණයකින් වැටුප් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බව හෙතෙම පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැන උගත් මහත්තුරු මොකට ඕකෙ ඉඳගෙන ඉන්නවද? පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු පහෙන් පෙන්ෂන් ගන්න අයට වැඩේ බාරදීලා පිටරට රස්සාවකට යනවා මිසක්...