(ආරියරත්න  රණබාහු)

මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා  වැඩි වී ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව   පවසයි..

එම පැමිණිලි අතරප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණි 20ක්ද මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි2525ක්  ද වන බව කොමිසමේ ප්‍රකාශකයෙක්  සදහන් කළේය..

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 12 දෙනෙකු ද ආධාරකරුවන් 388 දෙනෙකුද  අත්අඩංගොඩ ගෙන ඇති බව පොලිසිය පැවසීය

ඊට අමතරව වාහන 105ක්  පොලිස් බාරයට ගෙන ඇත.