
(ඉන්දිකා රාමනායක)
නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
සිද්ධිය වීම පෙර හරක් කටා විසිකිලිය වෙත ගෙන ගොස් ඇත්තේ මෙම කොස්තාපල්වරයා සමග බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ඉහත සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාගේ - 071-8591747, 071-8594929 යන අංක වෙත දැනුම් දෙන ලෙසට මහජයාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයන් අපරාධ පරීක්ෂණ අංශ ඇතුලෙ ම ඉඳලනෙ. මෙයා ඉතින් කොයි මුල්ලක හිටියත් අහුවෙනවා. අර ගව කටා කියන හාදයාට උදව් කරන ඇමතිගෙ ගේ අස්සේ බැලුව නම් හොඳයි .
රටේ වෙන දේවල් අනුව මේක පිටිපස්සේත් අනිවාර්යයෙන්ම දෙස්පාලුවෙක් ඇති.එක්කෝ හරක් කටා මරලා දායි රහස් එලිවෙනවට
මිනිහා ගැන දැනගත්තොත් කියන්නම්. ඔය විදිහට අනිකුත් පාතාලයින්ගේ සැකකරු වන්ගේ චායාරුප පළකරනවා නම් හොඳයි.
CID එකට උනේ මාර වැඩෙ.. අනුන්ගෙ එව හොයන්න කලින් ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියල බලන්න ඔනෙ...