IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට ‘‘DIMO කෙයා කෑම්ප්”‍ ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක්

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක් වෙමින් DIMO ඇග්‍රිබිස්නස් දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ  සංවිධානය කරන ලද “DIMO කෙයා  කෑම්ප්”‍ ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින්  සාර්ථකව අවසන් විය.

ඕනෑම කන්නයකට පෙර කෘෂි යන්ත්‍රෝපකරණ නිසි නඩත්තු සේවා සඳහා යොමු කිරීමෙන් කාර්යක්ෂමව වගා කටයුතු කිරීමේ හැකියාව ගොවි ප්‍රජාවට ලැබෙන අතර ඒ සඳහා ගොවි ජනතාවට සහයෝගය ලබා දීමේ අරමුණින් DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO ඇග්‍රිබිස්නස් මෙම වැඩසටහන දියත් කරන ලදී. Mahindra සහ Swaraj  ට්‍රැක්ටර් රථ මෙන්ම Claas වැනි ලොව සුපතල කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙමින්, එම යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා ලබා දීමේ පළපුරුද්ද සහ නිපුණත්වයෙන් උසස් තත්ත්වයේ සේවාවක් මහ කන්නය සඳහා සූදානම් වන සියලු‍ම ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා ලබාදීම “ DIMO කෙයා කෑම්ප්“ වැඩසටහනේ මූලික අරමුණයි. ඕනෑම ට්‍රැක්ටර් රථයක් නොමිලේ පරීක්ෂා කරගනිමින් සේවා ලබාගැනීමේ හැකියාව සහ අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබාදීම මෙහි සුවිශේෂී අංගයක් ලෙස දැක්විය හැක.

“ DIMO කෙයා කෑම්ප්’’ වැඩසටහන දින 12ක් මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර වැනි  කෘෂිකාර්මික දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ අතර මෙම සෑම දිස්ත්‍රික්කයකම චෙන්කලාඩි, උහන, සෙවණපිටිය, ගල්නෑව, ඉබ්බාගමුව සහ ගලෙන්බිඳුණුවැව යන නගර කේන්ද්‍රකරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

DIMO හි අලෙවියෙන් පසු සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවැසීය “ DIMO සමාගම කෘෂිකර්මාන්තයේ සියලු‍ම අංශ තුළ සිය මෙහෙයුම් දියත් කරමින් ලාංකීය ගොවි ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂ බලගන්වන සමාගමක් ලෙස “ DIMO කෙයා කෑම්ප්” වැඩසටහන මහ කන්නයට සැරසෙන  ගොවි ප්‍රජාව  අපගේ සේවා නිපුණත්වයෙන්  ශක්තිමත් කිරීමට ගත් එක් උත්සාහයක්. මෙවැනි වැඩසටහන් හරහා ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය සඳහා යොමුකර ඵලදායිතාව වැඩිකරදීම අපගේ මූලික අරමුණයි.

595



අදහස් (0)

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට ‘‘DIMO කෙයා කෑම්ප්”‍ ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site