(ඩයනා උදයංගනී)
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබාගැනීම සඳහා බන්දීය අපනයන ආනයන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා ණය අරගෙන රට විකුණලා මැරිලා යයි .අපේ අනාගත පරම්පරාව තමයි දුක් විඳින්නේ
එතකොට දැන් රනිල් හොඳයිද?