(අංජුල මහික වීරරත්න)

එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර වලට අමතරව බණ්ඩි පොහොර( මියුරේට් ඔෆ් පොටෑෂ්) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා දීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බවත් එමෙන්ම මියුරේට් ඔෆ් පොටෑෂ්  මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඩොලර් මිලියන 25ක් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

 වගාවට අත්‍යාවශ්‍ය පොහොර විශේෂයන් වන TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මිලදී ගැනීමට යෝජිතව ඇතත්, ඒවා මිලදී ගැනීමට හැකි රටක් තවමත් සොයා ගැනීමට අපහසු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.