IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යූරියා අඩුවට

(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර  ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිල  ඉහළ මට්ටමක පවතින නිසා  එළවළු  ගොවීන් අසීරුතාවන්ට ලක්ව ඇති බවයි.

එම නිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.



අදහස් (0)

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යූරියා අඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site