(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
වී වගාව සදහා බිම් සකස් කිරීමේ දී තැටි නඟුල හා මෝල්ඩ්බෝර්ඩ් නඟුල් යොදා ගැනීමෙන් වැඩිම අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා ගෙනාව කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා නම් ඉන්දියාවටත් හාල් දෙන්න තිබුණා. අන්තිමට ලැජ්ජාවෙන් හරි ඒ මෝඩ මොඩලය වෙනස් කළ නිසා අද රටම බඩගින්නේ...!