
(අංජුල මහික වීරරත්න)
ලබන මහ කන්නයේ හෙක්ටෙයාර් 110,000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් ඇතුළු සත්ව නිෂ්පාදන මිල ඉහළ යාම සඳහා පසුගිය මහ කන්නයේ බඩ ඉරිඟු ඇතුළු බෝග අස්වැන්න කඩා වැටීම හේතුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙි බව කීවෙි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් අරඹා තිබෙන අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් ඉහළ නැංවීම සඳහා කුකුළු පැටවුන් ලබා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩ සටහනට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් මහනුවර, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතලේ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06ක අඩුආදායම්ලාභී පවුල් 60ක් තෝරාගෙන ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමේ අරමුණින් මාසයක් වයසැති කුකුළු පැටවුන් එක් පවුලකට 10ක් බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් අරඹා තිබේ. එම වැඩ පිළිවෙළ වළස්මුල්ල ප්‍රාදේශීය ලේකම්කාර්යාලයෙන් ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
413
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නය බඩ ඉරිඟු වලින් පුරවන්න යයි