IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ කනදරා ගොවි විලාපය

( බී.ජී. චතුරංග) 

මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමෙන්  මහා කනදරාව  ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බව ගොවීහු චෝදනා කරති.

අද (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින්  ජනතා විරෝධය මැද මෙම පානීය ජල ව්‍යාපෘතිය විවෘත කෙරිණි. විවෘත කිරීමෙන් අනතුරුව  විරෝධතාවයේ යෙදුණු 21ක් දෙනෙකු හට මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග  සාකච්ඡා කිරීම සඳහා ද කැඳවා තිබුණි.

මේ සඳහා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජනය කරමින් ගොවි සංවිධාන පහළොවකට වැඩි සංඛ්‍යාවක  ගොවීහු පන්සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ. 

විරෝධතාවයේ යෙදුණු පිරිස් සඳහන් කළේ මෙම පානීය ජල ව්‍යාපෘතියේ ජලය යාපනයට හෝ රැගෙන ගියත් තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත් , මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් කරනා ලෙසයි.

දැනට අහස් වැස්සෙන් පමණක් ලැබෙන ජලයෙන් මහ කනදරාව ජලාශය යටතේ අක්කර 9000ක කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන බවත්, මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙන් දැඩි නියගෙන්  පසු ලැබුණු වැස්සෙන්  පිරී ගිය මහකනදරාව  ජලාශය සතියක් යාමට මත්තෙන් සිඳී යන බව එම පිරිස් සඳහන් කළහ.

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ දිනකට ගණ මීටර් 6700 ක ජල ධාරිතාවයක් මහා කනදරාව ජලාශයෙන් ලබා ගැනීමට නියමිත බවත් ජලාශයට ජලය ලැබෙන ක්‍රමයක් නොමැතිව මෙම පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් දරු පවුල් 5000 කට වැඩි  සංඛ්‍යාවක් හට, යන එන මං නොමැතිව යන බවද එම ප්‍රදේශවාසීහු පැවසූහ.

මොර ගහ කන්ද ජලාශයේ සිට ඒරුවැව   හරහා මහ කනදරාව ජලාශයට ජලය ලබා දීමෙන් පසුව  මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කරන බවට පොරොන්දුවක්  ලබා දී තිබුනද එම  ඇල මාර්ගයේ කටයුතු තවමත් නිමකර නොමැති අවස්ථාවක ගොවි ජනතාව ගොනාට අන්දවා  මෙම පානීය ජලය යෝජනා ක්‍රමය විවෘත කිරීම අනුවණ ක්‍රියාවක් බවද එම පිරිස් පැවසූහ. 

මෙහිදී ඇතැම් ගොවීහු පැවසූයේ අපේ ඉඩම් වලින් ආරක්ෂක අංශ වහා ඉවත් විය යුතු බවය. මෙම ක්‍රියාව නංගි පෙන්වා අක්කා දුන්නා වගේ වැඩක් යයිද ඔවුහු පැවසූහ.

 



අදහස් (1)

මහ කනදරා ගොවි විලාපය

රංබොඩ Thursday, 15 February 2024 02:17 PM

විද්‍යානුකූල සහ පුළුලු දැක්මක් නැතිව කරන යෝජනා ක්‍රම නිසා ගොවීන්ට බඩගින්නට වතුර බොන්න කියන්න තමා වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site