(ජයන්ත සමරකෝන්)
නොබෝ දා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් හමුවී ජුනි 26 වන දින පස්වරු 3.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙම මුස්ලිම් පක්ෂ නායකයින් හා කොමියුනිස්ට් පක්ෂ නායක හමුව සංවිධානය කරයි.
නැවත අමාත්‍ය ධූර ලබාගත් කබීර් හෂීම් හා අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් දෙදෙනා හැර අනිකුත් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
මෙහිදී ඔවුන් කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්මුරේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික එම්.ඒ.රශ්මි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් හමුවනු ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම පක්ෂයක් තාම තියෙනවද?
කොමියුනිස්ට් ක්‍රමය රුසියාවෙත්, චීනෙත් අනිත් කිසිම රටක හරි ගියේ නෑ.. හොරු තක්කඩියෝ බෝ කෙරුවා විතරයි...
පක්ෂයේ සියලු සාමාජිකයින් හමුවුණා හා සමානයි. මොකද මුළු පක්ෂයටම ඉන්නේ ඔපමණයි. අද වන විට සමාජවාද, ප්රජාතන්ත්රවාද ධනවාද, ඔය මොකවත් නැහැ. තාක්ෂණික දියුණුවක් සහිත ග්‍රෝත්‍රික පාලන ක්‍රමයක් ඇති බව පේනවා. එකම ප්රජාතන්ත්රවාදය ඡන්දෙ තියෙන එක විතරයි.
කොමියුනිස්ට් පක්ෂේ ? මම මේ ඉන්නේ වසර 40ක් -50 ක් අතීතයට ගිහින්ද