
(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාව තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කර මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අද (06) මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාච්ඥාව නොපවත්වා ඒ වෙනුවට 25 දෙනෙකු පමණක් සහභාගි කරගෙන ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දන්වා තිබේ.
සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක ජුම්මා යාඥාව ඉටු කිරිම සඳහා එම ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් 40 දෙනෙකුවත් අවම වශයෙන් සහභාගි විය යුතු වුවත් ඉඩ මදි බැවින්, සෞඛ්‍ය අංශවල උපදෙස් හෝ වෙනත් හේතුන් මත 40 දෙනෙකුට සහභාගි විය නොහැකි තත්වයක් උදාවුවහොත් ජුම්මා යාඥාව වෙනුවට ලුහර් සලාතය ඉටු කළයතු බව ඉස්ලාමයේ නියමය බවත් මේ අවස්ථාවේදීත් එය අනුගමනය කරන ලෙසත් ජමියතුල් උලමා සංවිධානය කියයි.
මෙම අවස්ථාවේදී රට තුල මතුව ඇති මෙම වසංගත තත්වය දුරුවී ඉතා ඉක්මනින් රට යථා තත්වයට පත්වන්නට දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරන ලෙසත් ජමියතුල් උලමා සංගමය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උලමන් දැනගතයුතු දෙයක් තමයි තමන්ගේ අයට පරතරයක් ඇතිව මාස්ක් සහිතව ඉඳීමට ඉගැන්වීම. ඒවා මුකුත් නොකොට අනෙක් ජාතීන් සිටින අතරේ ඇවිදිනවා.
25 දෙනෙක් එකතු වී එළවලු වගා කරන්න. මීට වඩා ප්‍රතිඵල දායකයි..
අලුත් දෙයක්ද? නැතිනම් හැටිද?
සමිත මහතාගේ පහත් ගතිය පෙන්වන්න එපා. අනික් ආගම්වලට ගරු කළොත් විතරයි තමන්ගෙ ආගමට ගෞරවය ලැබෙන බව වටහාගන්න...
මෝඩ වැඩක් තමයි ...