(රෝහණ සමරවීර)
රක්වාන ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් හනිපා මෙහොමඩ් අස්ලම් සහ අනිපා මොහොමඩ් අස්ලම් නැමැති පුද්ගලයන්ය.
මෙම සැකකරුවන් 20 සහ 26 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය කියයි.
මෙම තරුණයන් දෙදෙනා දින ගණනාවකට පෙර රක්වාන ප‍්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය රක්වාන උක්වත්ත ශ‍්‍රි ලංකා තවිසික් ජමාත් මුස්ලිම් පල්ලිය වටලන විට එම සැකකරුවන් පල්ලිය තුළ රැඳී සිටි බවත් ඔවුන් පරස්පර අදහස් ප‍්‍රකාශ කිරීම ගැන සැක සහිත බවත් පොලිසිය පවසයි.
රක්වාන පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය ත‍්‍රස්ත විමර්ශන ඒකකය එක්ව කළ සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල එල... ඔක්කොම ශ්රී ලංකා සහ සිලෝන් තවුහිද් ජමාත් වටලන තුරු අප අවදියෙන්..