IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මුස්ලිම් අන්තවාදි සංවිධාන 43න් 4ක් ප්‍රධාන පාර්ශව ලෙස කටයුතු කරනවා

(*** නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (13) පැවසූහ.

ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරක් වන තබ්ලික් ජමාත් මතවාදය, වහාබ් වාදය, සලෆි මතවාදය සහ ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙසින් මෙරට තුළ  පවතින බවද ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කොමිස හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළහ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්. එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ගැනීම සිදුවිණි.

එහිදී සාක්ෂි දුන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.
අන්තවාදී ඉස්ලාම් මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරින් එකක් වන එනම් දරුණුතම මතවාදය වන ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය හරහා පාස්කු ප්‍රහාරයේ සහ්රාන් හෂීම් වැන්නන් බිහිවීම ආරම්භය මෙන්ම සන්නද්ධ වීම දක්වා දුරදිග ගියා. “දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන. ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය” යන්න ඔවුන්ගේ මතය වෙයි. ජාත්‍යන්තර වශයෙන් අයි එස් අයි එස් මෙන්ම අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන අනුගමනය කරන මතයට සමාන මතයක් වන මෙම ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය මෙරට උලමා සභාවේ නායකයන් පවා අනුගමනය කරනවා. “වහාබ් වාදය”  අන්තර්ගතව ඇති “කිතාබුත් තවුහිද්” ග්‍රන්ථය මේ වන විට දකුණු ආසියාතික, යුරෝපීය හා රුසියාව ඇතුළු රටවල් විස්සක් පමණ තහනම් කර තිබෙන ග්‍රන්ථයක්. එම ග්‍රන්ථය මේ වන විට මෙරට අලෙවි කෙරෙනවා. එසේම, තවත් ග්‍රන්ථයක් වන “තක් වියත් උල් ඊමාත්” නමැති ග්‍රන්ථයේ ද අන්තවාදී ඉගැන්වීම් ඇතුළත්ව තිබෙනවා. එම ග්‍රන්ථය ද මෙරට ග්‍රෑන්ඞ් මර්කස් පල්ලිවල අලෙවි කරනවා.

කොමිසම : ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රධාන මතය දරන්නන් අතුරින් “ඉහ්වාන් මුස්ලිම්වරු” යනු කවුරුන්ද?
ඤානසාර හිමි :  ඊජිප්තුවේ “යුසූෆ් අල් කර්දාරී” නම් දැඩි අන්තවාදී මතධාරී නායකයකු කේන්ද්‍ර කොට ගනිමින් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙම ඉස්ලාම් අන්තවාදී මතය දරන්නන් පිරිසක් විසින් බේරුවල පිහිටි “ජාමියා නලීමියා” නම් ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ද පිහිටුවා ගෙන තිබෙනවා. මෙම “යූසූෆ් අල් කර්දාරී” නම් අන්තවාදී මත දරන නායකයා ඉකුත් 2013 වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දින මෙරටට පැමිණ මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමුවී තිබෙනවා. (සාක්ෂිකාර හිමියෝ ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කළහ) හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මස්සිනා වන මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී නයිමුල්ලා, දැනට කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ඉනාමුල්ලා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස්. එම්. අමීන් හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මේ. මෙම “යූසුෆ් අල් කර්දාරී” නම් නායකයා මේ පුද්ගලයන් තිදෙනා හමුවීමෙන් පසු ඉනාමුල්ලා නමැත්තා විසින් අරාබි රටවල ක්‍රියාත්මක වන රජුට උපදෙස් ලබාදෙන සංවිධානයක් වූ “ශූරා සභාව” නම් සංවිධානයක් මෙරට තුළ ආරම්භ කර තිබුණා. එය පිහිටුවීමෙන් පසු මොවුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර ඤාණසාර හිමියෝ සාක්ෂියට අදාළ තවත් ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කරති.) NFGG (National Front for good governors) හෙවත් “යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ” යන සංවිධානය විසින් 2015 වර්ෂයේදී යහපාලනය ස්ථාපිත කිරීමට බොහෝ සෙයින් උදව් උපකාර කරමින් කටයුතු කළා. ඉකුත් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉක්මනින් මඟ පෑදුනේ මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසයි.

කොමිසම : මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් ඔබ වහන්සේට මුල් වරට තොරතුරු ලැබුණේ කුමන කාලයක සිටද?
ඤාණසාර හිමි : ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස එක්තරා දිනෙක තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා කාර්යාලයට මුස්ලිම් තරුණ කණ්ඩායම් හතරක් පැමිණීයා. ඔවුන් මා හමුවී කිව්වේ, හාමුදුරුවනේ වැඩි කාලයක් යන්න කලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා මේ වහාබ් වාදය නිසා. මේ ගැන අපිට කතා කරන්න බැහැ. අපේ හත් අට දෙනෙක් මේ වෙද්දි මරා දමා තිබෙනවා. ඒ වගේම අතුරුදන් වෙලත් තිබෙනවා කියලයි.

කොමිසම : ඔබ වහන්සේ හමුවට පැමිණී ඒ පුද්ගලයන් ගේ නම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවාද?
ඤාණසාර හිමි : මේ වන විට එම තැනැත්තන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවෙලා තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර හිමියෝ අදාළ නම් කොමිසම වෙත රහසිතව ලබා දුන්හ.) අපේ රටේ ඉස්ලාමිය පෙළපොත් වල එනම් 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ඉස්ලාම් පොත්වල ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරි” කියන දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ඇතුළත් කර තිබෙනවා. 13 ශ්‍රේණියේ ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 සහ 123 වන පිටුවල එය අන්තර්ගතව තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුම් දුන්නා.

හිටපු පොලිස්පතිවරයාට අවස්ථා හතරකදීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට අවස්ථා පහකදීත් මේ බව දැනුම් දුන්නා. ඉකුත් 2012 වර්ෂයේ සිට පාස්කු ප්‍රහාරය දක්වාම කිසිදු රජයක් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඉගැන්වීම් පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු කළේ නැහැ. නමුත් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටද මම මේ බව දැනුම් දුන්නා. එතුමා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැදවා මේ පිළිබදව විමසීමක් කළා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙයෙවීමෙන් සහ තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදුකරන අරාබි ජාත්‍යන්තර පාසල් ඡාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වෙනවා. එවැනි පාසල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ස්ථාපිතයි. එම පාසලක නමක් සදහන් ප්‍රකාශයක් කළොත් ඊට පසුදිනම එම පාසලේ නම වෙනස් කිරීමක් සිදුකරනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයේවත් එවැනි නමක් සොයා ගන්න බැහැ ඊට පස්සේ.

කොමිසම: ඔබ වහන්සේ එවැන්නක් ප්‍රකාශ කරන්න තිබෙන පදනම කුමක්ද?
ඤාණසාර හිමි : ඒ හැම පාසලකම ප්‍රධානීන් විදිහට කටයුතු කරන්නේ ඉහ්වාන් මුස්ලිම් මත සහ ජමාතේ ඉස්ලාම් මත දරන අය. ඒ වගේම වහාබ් වාදය සහ සලෆි වාදය මෙම පාසල්වලට මූලික තැන ලබා දෙන්නේ. මෙම පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශවල. අයි එස් අයි එස් ක්‍රියාකාරීකයකු ලෙසින් ශ්‍රී ලංකාවේදී හදුනාගත් ගලේවෙල පුද්ගලයා ද එම ප්‍රදේශයේ අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙක්.

කොමිසම : මෙරට තුළ ෂරියා විශ්ව විද්‍යාල ඇති බවට ඔබ වහන්සේට තොරතුරු ලැබී තිබේද?  
ඤාණසාර හිමි : මෙරට කිසිදු විශ්ව විද්‍යාලයක් රටේ නායකයකුගේ නමින් හෝ ආගමික නායකයකුගේ නමින් නම් කර නැහැ. එවැනි පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ”මලික් අබ්දුල්ලා” යන සෞදි අරාබි රජකුගේ නමින් මෙරට තුළ විශ්ව විද්‍යාලයක් ඉදිකළා. එහි ෂරියා නිතිය උගන්වන්නේ නැහැ කියලා ඒ අය කිව්වත්, ෂරියා නිතීය ඉගැන්වීම සඳහා එහි වෙනම පීඨයක් ස්ථාපිත කරලා තිබුණා. එම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් ඒක නවත්වන්න බැරි වුණා. ඒත් මේ විරෝධතා නිසා ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවුණා. මේ වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතිනවා. ඒ වගේම අබ්දුල් රාසික් නමැති පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බිකාස් නමැති අධ්‍යාපන ආයතය තුළ ද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදුකරනවා. එසේම, විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නැහැ.  


ජනාධිපති කොමිසම අද (15) දහවල් 12. 30ට යළි රැස්වීමට නියමිතව ඇත.



අදහස් (12)

මුස්ලිම් අන්තවාදි සංවිධාන 43න් 4ක් ප්‍රධාන පාර්ශව ලෙස කටයුතු කරනවා

Lal Monday, 15 June 2020 07:01 AM

යූඇන්පී, සමගි ජන බලවේග බලයට ආවොත් ඉස්ලාම් අන්තවාදී මතවාද ශ්‍රී ලංකාව තුළ වඩාත් දියුණුවේවි...!!!

:       609       647

Chandima Monday, 15 June 2020 07:17 AM

ලංකාව නැතිව තව බෝර මුස්ලිම් අයව මෙහෙට ගේන්න යනවා.

:       43       22

kalana Monday, 15 June 2020 07:29 AM

එජාපවලට වඩා රාජපක්ෂලා තමයි 2009න් පස්සේ රට අනතුරට දැම්මේ...

:       434       538

bishan Monday, 15 June 2020 07:33 AM

අන්තවාදීන්ට පඩි දුන්නේ කවුද කියලා දන්නේ නැද්ද?

:       173       303

BamunuarachchiTuesday, 16 June 2020 06:02 AM

ඔබත් ඒ ගොල්ලන්ට ඔත්තු සපයනවා නම් ඔබටත් පඩියක් ගෙවයි. මොශාඩ් එකෙන් අරෆත්ගේ කාටදත් පඩි ගෙවලා තිබෙනවා ඔත්තු ලබා ගන්න. කාගේද ලැම්බෝගිනි රත්තරන් අශ්වයෝ විශ්වාස කරපු බයියලා අන්තවාදීන්ට පඩි දුන්නා කියන එක විශ්වාස නොකරාවිද? නරකද ඇඳේ සැතපිලා ඉන්න වෙලාවක උම්මග්ග ජාතක පොත කියවනවා නම්.... අන්න එතකොට දේශය පාලනය කිරීමේ උපක්‍රම ඉගෙන ගන්න පුළුවන්.

:       1       0

Bamunuarachchi Monday, 15 June 2020 07:35 AM

අපේ හාමුදුරුවනේ පරිස්සමින්. ටෙලිෆෝන් කාරයොයි, රතු අලි ටිකයි, කොළ අලි ටිකයි බෙරිහන් දේවි... සංහිඳියාවට කෙළවුණා කියලා. අපේ හාමුදුරුවනේ, ඔබේ සහාය දෙන්න සිංහල රජයක් පිහිටුවා ගන්න එවිට අපිට පුළුවන්... මේ අයව අල්ලේ නටවන්න....

:       1031       1064

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 June 2020 08:23 AM

රට වනසන මුස්ලිම් අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතුයි ... ඒකේ කිසිදු විවාදයක් නැහැ .. ඒ වගේම බුදු හිමිගේ නිර්මල දහමට අනුව නොහැසිරෙන, දහම වනසන,දහමට නිගරු කරනා අය ශාසනයෙන් නෙරපිය යුතුව ඇත. එක්තරා නිකායක් දැනටමත්, ඒ පිංබර ක්‍රියාවට අතගසා ඇත. අනෙක් නිකායන්ද ඉක්මනින්ම එසේ කළ යුතුව පවතී. එය උතුම් වූ සම්බුද්ධ ශාසනයේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙනි...

:       281       560

[email protected] Monday, 15 June 2020 09:59 AM

මත්පැන් පානය කර රිය පැදවීම නිසා උසාවියේ වරදකරුත් වුණා නේද..?

:       165       218

Mano DegambadaMonday, 15 June 2020 06:17 PM

බයිලා කියව්න්න එපා... හොඳට කියවන්න මේ මොකක්ද කියන්නේ කියලා..? පාට කණ්ණාඩියෙන් බලන්න එපා.. මේ තමයි රටේ ඇත්ත තත්වය.

:       0       10

BamunuarachchiTuesday, 16 June 2020 06:07 AM

මේ අය කණුවල බඳින්න ඕනේ..

:       1       0

BamunuarachchiTuesday, 16 June 2020 06:07 AM

ගොන් පාට් දාන්න එපා. නමින් සිංහල වුණාට කොහාට හරි කවලම් කියා හිතාගන්න පුළුවන්... මේ අපේ හමුදුරුවෝ කතාකරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්...

:       25       0

duminda Monday, 15 June 2020 11:17 AM

ඡන්දයට කළින් නම් කරපු කියපු ඔක්කොම හොයාගෙන හිටියේ... දැන් මොකද මේ වටේ යන්නේ...? නීතිය කරවන එක ලේසි නැහැ. කියලා ආණ්ඩුවට කත්අදින අය දැන්වත් දැනුවත් වුණොත් හොඳයි.

:       12       3

ඔබේ අදහස් එවන්න

දියත

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 526 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 817 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක්
2024 මැයි මස 04 85 0

සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 38 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 564 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 350 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site