(සුජිත් හේවාජුලිගේ )
රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජන ගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද ජනතාව එසේම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මහතා ආණ්ඩුවේ මර්දනයට බියවිය යුතු නැතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳට බල්ලො බිරුවට හඳ පාත්වෙනවද? මේ වැඩෙත් ඒ වගෙයි.
අපේ රස්සා නැති වෙන්න ඔන්න මෙන්න. රට ගිනි තියන්න උල්පන්දම් නොදී ටිකක් හුස්ම ගන්න ඉඩදෙන්න...
තමනුත් මර්දනයට නියෝග දීපු හමුදා නිලධාරියෙක් නේද? එදා එල්ටීටීඊ යට විරුද්ධව දීපු නියෝග මතකද? ඉහළම හමුදා නිලධාරියකු හැටියට රාජ්‍ය විරෝධී කටයුතුවලට හවුල්වීම නීතියට එකඟයිද? මොකද මේක හරි හෝ වැරැදි හෝ නීත්‍යානුකූල රජයක්...
මෙයා පචවෙන්න ඉතා ළඟයි. දැන් අරගල කරුවන් මේ පැන්ෂන් ගිය අයව තමන්ගේ නායකයා කියලා පිළිගනියිද..?
තම තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වලට රටවල් විනාශ කිරීම සුදුසු නැත..
මේ වෙලාවේ ජනතාව තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කියම සිතට ගන්න ඔහොම කියන කවුරුත් අපට කරදරයක් වුණොත් පිහිට වෙන්නේ නැහැ. පත්වූ අයට කරන්න දීලා මැතිවරණය අවස්ථාවක කැමති කෙනෙක් තෝරන්න... රට තවතවත් අනතුරට නොදමන්න....
ජයවේවා...! ජයවේවා...! ජයවේවා...! අපිත් එනවා...! මුළු ගමම එනවා...!
මේ වගේ මනුෂ්‍යයෙක් නිසා රට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. තවත් රට අගාධයට ඇද නොදමා කරුණාකර තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ කරන්න. මොහුට තියෙන්නේ පළිගැනීමේ චේතනාවක්... මිනිස්සු එය දැනගත යුතුයි.
මෙයා හදන්නේ අපිව මරවන්න..
"පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජනගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත්" - අන්න ඒකනේ කියන්නේ. ඉන්ධන නෑ, කෑම නෑ, අරක නෑ, මේක නෑ කියලා ලතෝනි දුන්නු අයට කොළඹ එන්න ඛනිජතෙල් පහළ වුණා. එක වේලක් කාපු අයට මන්දිරවල ගේට්ටු, දොරවල්, සේප්පු කඩන්න තරම් කාය ශක්තියක් පහළ වුණා. හමුදාවේ වුණත් "කලර්ස් නයිට්" එකක් පවත්වන්නේ අවුරුද්දට එක දවසයිනේ නේද? ඒක හින්දා ඊළඟ අවුරුද්දේ ජූනි 9වෙනිදා පළවෙනි සංවත්සරය උදාවෙනකල් ඔබතුමා ඉවසීම ප්‍රගුණ කරන්න...
නිවටයින් වගේ හැමදාම හිතුවොත් ජීවිත කාලෙ පුරාම නොකානොබී පෝලිම්වල හිටපල්ලා... හැමදේටම ඔලුව පාත්කරගෙන ඉන්න පුළුවන් කොන්දක් නැති අයට නම් එහෙම ඉන්න පුලුවන්. හැමදේටම හුරුවෙවී අල හිටෝ හිටෝ හිටපල්ලා... අනේ මෙහෙම නිවටයෝ..!
මෙවැනි අය පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි. රටේ තත්ත්වය තේරුම් නොගෙන මෙවැනි දේ ප්‍රකාශකර ඔවුන් ගෙවල්වලට වී හිනාවේවි. රට තවතව ප්‍රශ්නවල හිරවේවි..!
ඇති දෙයියනේ උද්ඝෝෂණ.. රනිල් ලොක්කට අපිත් කැමති නෑ.. නමුත් මේ වෙලාවේ අපි මිනිහට සපෝට් කරන්න ඕනෑ අඩුම ගාණේ මාස හයක් හතක්.. මාස හයකින් මෙයාට IMF වැඩේ ගොඩ දාගන්න බැරි වුණොත් පාරට බහින එක සාධාරණයි.
එස්. එෆ්. තුමනි, ඔය වගේ යෝජනා නොකොට, ගෝඨා මහතා අගමැති ධුරය ලබා ගන්නැයි කිව් වෙලේ එය බාරගෙන කරලා පෙන්නුවා නම් අගෙයි නේද? අරගල කල්ලි ඔබතුමාට කැමතියි වගේ පෙන්නුවාට එහෙම එකක් නෑ. අරගල පිරිසට උඩ ගෙඩි දෙන අය හෝ ඊට මුදල් ආධාර දෙන අය ඔබතුමාටත් කැමැති නෑ. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න ඔබතුමාත් විශාල කාර්ය භාරයක් කළනිසා...
මෙන්න තව කැරැලිකාරයෙක්. මිනිසුන් ප්‍රකෝප කිරීම ගැන මොහු අත්අඩංගුවට ගන්න...!
රට තවත් වලපල්ලට යවන වැඩක්... ගොන් කතා නොකියා රට ගැන හිතලා වැඩ කරන්න. පෙන්ෂන් ගිහිල්ලත් ඊර්ෂ්‍යාව, වෛරය ඉවර නෑ..
දෙකක් නෙලලා දාන්න ඕනෑ ඇතුළට... රට ගිනි තියනවට...
දූෂිත පවුල් පාලනයෙන් රටට සිදුකළ විනාශයට ඔවුන්ගේ අකටයුතුකම් වෙනුවෙන් හඬක් නැගීමට කටයුතු කිරීම වැදගත්.ඒත්,මේ එන සෙනඟ සමඟ කුඩ්ඩන් පාතාලයන් හොරුන් තක්කඩින් වැනි අයත් එනවා නේද ? එසේනම්, ඔවුන් පැමිණ අපරාධ සිදුකළ හොත්,ඒ අසළ සිටිනා අයද අමාරුවේ වැටෙනවා නේද ? එතකොට ඒ අය බේරාගන්න ඔබතුමන්ලා කුමන හෝ පියවරක් ගැනීමට කටයුතු කරනවාද ? කෙසේ හෝ ජනතාව පාරට බස්සන්නට කටයුතු කරන්නේ නම්,ඔවුන් හට නිසි නායකත්වයක් හා පැහැදිලි ආරක්ෂාවක් ලබා දිය යුතුයි.එසේ නැතිව ඔවුන් ගෙන්නා ඔවුන්ගේ ජීවිතත් සමග සෙල්ලම් නොකළ යුතුයි.
මෙයා යුද්ධය ඉවරකරා නම් ඒකත් මර්ධනයක්.
ඔයා හැමදාම කලේ මිනිස්සු කුලප්පු කිරිල්ල.ලේ තමා ඉල්ලන්නේ.
අපි පයින් කොළඹට ඇවිත් ඔයාලට බලය අරන් පයින්ම ගෙදර යන්නම්.කන්නත් නැතුව අපිට කොළඹ එන්න පිස්සුවක් නෑ
අරගල කරල ඊ ලඟට දිනෙශ්ව ජනපති කරනවලු. අනේ මෙහෙමත් විහිළුකාරයෙක්.
අපි එනව සර් ඔබතුමා සමග . අපි අරගලකරල ජනපති පැන්නුවට පස්සෙ පිං පොං හිතන් ඉන්නෙ එයා හොදයි කියල .රාජපක්ෂ ලාට කඩේ ගියපු උන්ට තාම හොදයි. ගොඩක් අයට තෙරෙන්නැ මුංගෙ මගඩි වැඩ වහල් බාවයෙන් මිදිලා එක්ව අපේ රටෙ දරුවන්ගෙ අනගතය වෙනුවෙන් ඉතුරුවෙන්න එකතුවෙමු.
මෙයා දැන් කාටද එන්න හදන්නේ...!
අරගලය, දැන් පුස්සක්, ජාවාරමක්, ගේමක් බව රට්ටු දන්නවා. ඒක වල් වැදිලා ඉවරයි. කුඩු කාරයින් ඉස්සරහම ඉන්නේ. දැන්වත් මිනිස්සුන්ට කියන්න තමන්ගේ රස්සාව හරියට කරන්න කියලා. මේ සේරමලා බලන්නේ තමන්ගෙ බඩ වඩාගැනීම... රනිල් යවලා දිනේෂ් ජනාධිපති කරලා ප්‍රසන්න රණතුංග අගමැති කරන්නද කියන්නේ...?
අපි පොඩ්ඩක් බලමුද මහත්තයෝ... අඩුගානේ මාස 6ක් වත්...
SF මැතිඳා ඉතා නිවැරදියි. ජාතියේ වීරයාණෙනි, අප ඔබ සමගයි. 9 වැනිදාට හමුවෙමු... අපගේ ආචාරය...!
සරා ගොන්සේකාට අරගලය නැමැති මාරාන්තික වෛරස රෝගය වැළදී ඇත. මොහුට ලංවෙන්න එපා. ප්‍රවේශමෙන්.
රට විනාශ කරන කුමන්ත්‍රණවලට මැදිහත් වෙන්න එපා.. එක්එක් කෙනාගේ දේශපාලන කපටිකම්වලට අහුවෙන්න එපා...
හොඳ කොන්දක් තියෙන නායකයෙක් සමහර අපේ ලාංකිකයින් ඉන්න හොරුන් රට ගොඩ ගනීවි කියලා හිතා හිටියට මේ බලයේ ඉන්න අය කරන්නේ ඔවුන්ම බේරා ගන්න එක තමයි එකම දේ රට... නැවත විකුණයි. ඉස්සර කළා වගේ මතක නැද්ද උදව් කරන්න... රට බේරාගන්න ඔහු එක පාරක් කළා වගේ තාම පරක්කු නෑ.
* මෙම දාර්ශනිකයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කලා, පරාජයට පත් වූවා. * ඉන්පසු තමන්ගේම දේශපාලන පක්ෂයෙන් තරග කොට තම ජනප්‍රියත්වය උරගා බැලුවා - මුළු ලංකාවෙන්ම ලැබුණේ ඡන්ද ලක්ෂයයි. * ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයට එකතු වුණා * ජනාධිපති තනතුරට සිහින මවන මොහු, තමාට මහජන ප්‍රසාදයක් නැති නිසා දැන් දැන් ත්‍රස්තවාදයට අනුබල දෙයි. එමගින් ජනාධිපති තනතුරට පත් වීමට සිහින මවයි * හිටපු හමුදාපතිවරයෙකු ේ මේ නිහීන ක්‍රියාව ලංකාවාසීන් තරයේ හෙලා දැකිය යුතුය
මොහු කුමන්ත්‍රනකරැවෙක් මොහු පැන්ෂන් කාරයෙක් මොහුට කල හැකි ඉටි ගෙඩියක් නොමැත. තරැණයන් ගේ කරපටින් බලය ලබා ගන්න වෙර දරනව . . කැහි ගැනි දිල හොටු ගැකි ගත්ත වගේ වෙවි..
අධිකාරිය ලත් නිලධාරී කෙනෙක් නේද මේ . වයසට ගිය නිසා එය අමතක වෙලයි කියලයි මගේ හිතේ . මුළු හමුදාවකගේ පුහුණුවීම , වගකීම සහ විනය හදල රටත් බේරාගෙන දැන් මේ මොකද වෙන්නේ ? ලැජ්ජයි , කනගාටුයි නිලධාරියෙක් සහ මහත්තයෙකුට දේශපාලනය නිසා වුන විනාසයට .
ඇවිත් මොනවද කරන්න කියන්නෙ අපට? ඔව්ව කලා කියල බයවෙල ඔබතුමාට අමෙරිකව විස දෙයිද?
එන්න තෙල්, පෙට්‍රල් දෙනවද? මාසෙකට ඉඳුම්, හිටුම්, කෑම බීම වලට ගෙවනවා නම් එන්නම්...!
මාසයක් විතර ඉන්ඩ බලාගෙන ආවම කෑම්,බීම,ඉන්දුම් හිටුම්,නවාතැන් ඇතුලු අවස්‍ය පහසුකම් තමුන්ට සපයන්ඩ පුලුවන්ද ? දැනටමත් ජනතාව නොවිදිනා දුක් වින්දිනවා.පෝලිම් වල දවස් ගණන්,කන්ඩවත් නැතිව .ජනතාව මේ වෙලාවේ තව තවත් අමාරුවේ දාන්ඩ එපා.අන්තිමට වෙන්නේ ආරක්ෂක හමුදාවන් ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙන්ඩ.හිරේ විලන්ගුවේ වැටෙන්ඩ. රනිල්ව එළවන්ඩ ඕනෙනම්,පාර්ලිමේන්තුවෙන්ම වැඩේ පටන් ගන්ඩ බැරී යැ.
පසුගිය අරගල වලට කතාකරපු යුග පුරුෂයෝ දැන් හැඟෙනවා. සමහරු වෙස් මාරු කරගෙන රටින් පනින්න හදනවා. තවත් කට්ටියක් රිමාන්ඩ් එකේ. දැන් ඒ පිරිසට කව්රුත්හ නෑ ඔබතුමා හදන්නේ තවත් පිරිසකට ඔයවගේ ඉරණමක් අත්කර දෙන්නද.ඔබතුමාටත් දෙන්න හදන්නේ ගේමක් ඔය අරගල කාරයෝ. නියම අරගලය කරපු පිරිස නෙමෙයි ඔබතුමා ෆෝම් කරන්නේ. පරෙස්සමින්.
මෙයා මේ වගේ කෙනෙක් කියන එක දැනගත්තේ අද ඊයේ නොවෙයි...
ඔබ ජනාධිපති වූ පසුව යම් පිරිසක් ඊළම ඉල්ලුවොත් එය දෙනවද?
මෙහි මේ මිනීමරු ආණ්ඩුවට පක්ෂව කොමෙන්ට්ස් දමන්නේ අර ගවුමක් ඇඳගත්ත සින්දු කියන මොලේ අමාරු කාරයාද ,නැතිනම් ඔහු වගේම වෙනත් ගවුම් ඇඳගත් නන්ගිලාද...? ලැජ්ජයි.ප්‍රවේශමෙන් ...අපිත් ඔයාලාගේ අයි පි ඇඩ්රස් ඔක්කොම හොයාගෙන තියෙන්නේ.මේ කරන ජරා වැඩ වලට ළඟදීම දවසක මදි නොකියන්න ගෙවන්න ලැහැස්තිවෙලා ඉන්න.අරගලයට ජය වේවා.
අපි එනවා රනිලයා පන්නන්න.
තම තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වලට රටවල් විනාශ කිරීම සුදුසු නැත..
සරත් ෆොන්සේකා වගේ අකලට හිස කෙස් සුදු උන කෙනෙක්ගෙන් ඔයිට වඩා බුද්ධිමත් පරිණත විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා.
කන්න දෙනවනම්, බොන්න දෙනවනම්, ඉන්න තැනක් දෙනවනම් මාසයක් නොවෙයි හැමදාම ඉන්න උනත් එන්නම්. ඒවා ලෑස්ති කරලම කියන්ඩකෝ....!! එහෙම නැතිව මේවගේ කතා නොකිය තියෙන වැඩක් බලාගෙන හිටියනම් නේද හොද?
කුහකකමේ අන්තයට ගිහින් මේ නාකි මිනිහා. කිව්වොත් කියන්නේ අවලං කතාවක්ම තමයි. ඉරිසියාවෙන් පිරිල. මුන් ඉන්නවට වඩා හොඳයි මැරිල යන එක.
අපි ඔක්කොම එනවා මහත්තයෝ. එදාට ලොකු සර්ප්‍රයිස් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා. අරගලයට ජයවේවා.
රට අරාජිකත්වයට දැක්කවීම උදෙසා යූටියුබ් බ්ලොක්කරුවන්, නළු නිලි, කළු ලෝගු, පාදිලි ලෝගු ඇතුළු සාමකාමී අරගල භූමිය තුළ සිට සිදුකළ මිලකළ නොහැකි සේවාව වෙනුවෙන් සියල්ලටම මාගේ මහා ආචාරය පුදකරමි.
You thought that all are Mad like you YOU should be arrested immediately and sentenced to life imprisonment or sent out of the country.
මෙයා හදන්නේ රට ලේ විලක් කරලා රටේ ජනාධිපති වෙන්න. හැමදාම අරගල කර කර රට විනාශ කරනවා.. මුලු ලෝකෙට කියනවා මේ රට අරාජික කියලා...
සරත් පොන්සේකා කියන්නේ හොඳ යුද සෙනෙවියෙක් වෙන්න ඇති. ඒත් ඔහු තවම දේශපාලන අත දරුවෙක්. රනිල් වගේ තෙම් පරාදු වෙච්ච් ප්‍රවීන දේසපාලකයෙක් එක්ක පොන් සේකා කියන්නේ දේශපාලන ජෝකර් කෙනෙක්. අපි හිතමු නිකමට ඔහු ජනාධ්පති වුනා කියලා. ඒ කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න කරන්න ඕනේ මොකක්ද කියලාවත් දන්නවාද? ඔහු ට දීපූ අමාත්‍යාංශ වලින් ඔහු දැනෙන මොනවත් කරලා තියෙනවද? අඩුම ගානේ නියොජ්‍ය ඇමති එක්ක වත් හොඳින් හිටියාද? අපි නොදන්න චෙස්. අරගලය මුලික වුනු, ඒ නම දාන්න මුල් වුනු, සාමකාමී අරගලයක් කොට ජාත්‍යන්තර සහය ගන්න මුල්වුනු කෙනෙක් මම. ඒ නිසා මම පොන්සේකා මහතාට එකක් කියනවා. ඔබ ඔබේ සිහින සඳහා කොල්ලෝ බ්ලි දෙන්න එපා.
මේ වගෙ කුහක පලි ගැනීමේ චේතනාවෙන් කරන මෝඩ ඇරයුම් පිලි ගන්න දැන් කවුරුත් සූදානම් නැහැ. නිරාපාක්ෂික අරගල මුවාවෙන් කල විනාස කාරී කැරලිකාර පාක්ෂියින්ගේ අදහස ව්‍යාර්තවී දැන් අකුලන් ගිහින්.
ජයවේවා. ජනතාවාදී නායකයෙක් එනකම් අරගලය නවත්වන්න හොඳ නෑ. මේ කොටන සමහර බයියන්ට රට ගැන මතක් වෙන්නේ රජපක්ෂලාට බනිනකොට විතරයි. උන් රට විකුණනකොට කිසි කතාවක් නෑ.
විසකුරු සර්පයාට වඩා භයානකයි කළ ගුණ නොදත් මිනිස්සු. මේ කුහකයින්ට අහුවෙන්න එපා...
මේ වැඩ හින්දා රටම ගිනි තියනවා බල තණ්හාවට... මේ වගේ දේශපාලුවන්ට ජනතාව රැවටිය යුතු නැත. ජනාධිපති හීන දකිනවා.
අනේ, ෆොන්සේකා, මාසයක් ඉන්න තරු හොටෙල් එකක්ද?
ෆොන්සේකා , ඔයාද අරගල කරුවන්ට ප්‍රීති කොපු අරන් දුන්නෙ?
අරගල කරලා ආයෙත් 225 කෙනෙක් පත් කරන්න නම් මොකක්ද තේරුම... අලුත් බලවේගයක් සමග මැතිවරණයකින් ජයග්‍රහණය උදෙසා ජනමතය හදන අරගලයයි අපි පටන් ගන්න ඕනෑ. මෙහෙම ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්න කෙනෙකුට පුළුවන්ද...? ගොඩක් ගරුකළ චරිතයක්... හැබැයි මෙහෙම කුමන්ත්‍රණකාරී, ද්වේශ සහගත ප්‍රකාශවලින් මුළුරටම ලේ විලක් කරන්න හදන්නේ. මේ අරගලයේ සැබෑ නිර්පාක්ෂික මතය යම් ප්‍රතිපත්ති මාලාවක් තුළ ජනතාව වෙත යොමු කිරිමයි කළයුතු. මූලික අවශ්‍යතා කවුරු ආවත් ණයක් අරන් තමයි කරන්න වෙන්නේ. අරගලයේ කණ්ඩායම ගෝඨාභය ජනාධිපති සමග සාකච්ඡා කිරිම ප්‍රතික්ෂේප නොකර සාකච්ඡාවක් කළානම් රටට අවශ්‍ය ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහෙය වන්න තිබුණා. බිත්තියට හේත්තු කරගෙන රට වෙනුවෙන් එහෙම කරනවා වෙනුවට අරගලයේ ඔය කවුරුවත් නිර්පාක්ෂික නැතිබව ඔප්පු කළා. තමන්ගේ එකා පුටුවේ ඉන්දවා ගැනීමට කණ්ඩායම්, කල්ලි උත්සාහ කරන්නේ. අරගලය තුළින් ලබාගත් පිබිදීම ඊළඟ මැතිවරණයකින් හොඳ පිරිසක් පාර්ලිමේන්තුවේ නියෝජනයට සහ රට වෙනස් කළහැකි නායකයෙක් ජනාධිපති පුටුවේ ඉන්දවීමට අවශ්‍ය ජනමතය උදෙසා ජනමනස සකස් කිරිමට සමත් වුණොත් එයයි මේ අරගලයේ සැබෑම ජයග්‍රහණය...
මේකේ comments බැලුවහම පේනවා මිනිස්සු දැන් අරගලය කියලා දේශපාලන බොරුව තේරුම් අරන් බව.
ඔයා සිය පවුල පිටින් මාසයක් නොවෙයි මැරෙනකම් හරි අරගල කළාට කමක් නෑ අහිංසක මිනි්සසු බිල්ලට දෙන්නෙ නැතිව.
මේ මොහොතේ තවත් අරගල කරන එක නෙවේ කරන්න ඕනෑ. වැටිලා ඉන්න තැනින් ගොඩ එමු... හැමෝම එකතුවෙලා.
ඇයි එන්න කියන්නේ. ම්නිස්සුන්ට දැන් හොදටම තේරිලා ඉවරයි. ඔයාලගේ ගෙදරටද අපි එන්න ඕනේ
ඇත්තටම මාසයක් කොළඹ නැවතිලා කාලා බීලා ඉන්න ආසයි.නවතින්නෙ කොහෙද. උඹලා ගෙදරද අපිට වනන්න සුදු කොඩි ටිකක් මහලා කියපං.