(අංජුල මහික වීරරත්න)

මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

නිරිත දිග  මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමගම අනපේක්ෂිත අයුරින් වර්ධනය වෙමින් පවතින කාලගුණ විපර්යාස වල ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම්, ගස් කඩා වැටීම් ගංවතුර මෙන්ම පොදු යටතල පහසුකම් පද්ධති වලට දැඩි හානි සිදුවීමෙන් පවුල් දහස් ගණනක් තාවකාලිකව අසරණභාවයට පත්ව ඇතැයි රජය කියයි.

බලපෑමට ලක්වී ඇති පවුල් සඳහා සහන සැලසීමට හා හානියට පත්ව ඇති පොදු යටිතල පහසුකම් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ක්ෂණික වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාව හා සිවිල්  ආරක්ෂක බලකායේ සේවය ලබා ගනිමින් අදාල අනෙකුත් අමාත්‍යංශ වල පූර්ණ දායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.