(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද දින නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පනාමුර වලව්වත්ත ලිපිනයේ පදිංචි කරුවන් වන පිටවල මානනලාගේ දිල්රාජ් කුමාර මුණසිංහ (40) සහ පිටවල මානනලාගේ නිල්මිණි ප්‍රියංකා (44) නැමැති එකම පවුලේ සහෝදරිය සහ සහෝදරයා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරු යුධ හමුදාවෙන් පලා ගොස් සිටින පුද්ගලයකු බවද මීගොඩ පොලිසිය  අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේය .

එම සැකකාරිය ගේ පෙර විවාහයේ දික්කාසදව සිටි සැමියාගේ අනියම් බිරිය බව කියන වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කන්දෙ ගමගේ ඩිංගි මැණිකේ (52) යන අය මීගොඩ වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක තනිව සිටියදී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනයට ලක් කර තිබුණි.