(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන හිටපු අමාත්‍ය නීතිඥා ෆයිසර් මුස්තාෆා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (15) පස්වරුවේ පැවසීය.
ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් අදපස්වරුවේ ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපිය පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් කීය.
ෆයිසර් මුස්තාෆා මහතා අද පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හපයක්, දේශපාලන වවුලන් එල්ලෙන්න අලුත් තැන සොයන කාලය පැමිණ තිබේ
අනේ පව් නොදී රටින්ම යන්න.