
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඒ් ඩී පතිරණ)
මාස හයයි දින 11ක් වයසැති සිය බිළිදියට පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මෙසේ මියගොස් ඇත්තේ මාස 6 ක් වයැසැති ඌරුබොක්ක ගමගේ නුවදි ලියාශා ගිම්සදී නැමැති බිළිදියයි.
පසුගිය තිස් වෙනිදා දරුවා සෝදා පිරිසුදු කිරීමේදී නොසිතූ ආකාරයට හිස බිත්තියේ වැදුණ බව කියමින්මව විසින් එම සිගිත්තිය රෝහල්ගත කර තිබෙන බව පොලීසිය කියයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය මිය යෑමෙන් පසු සැක සහිත මරණයක් ලෙස සලකා ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම පරීක්ෂණවල දී මව විසින් ඇගේ සිගිති දරුවාට තදබල ලෙස පහර දීමක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඇය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට
Bunny Preena Tuesday, 03 October 2023 09:54 AM
මෙහෙමත් යක්ශ ගති තියෙන අම්මලාත් ඉන්නවානෙ.
Thushara Wijethunge Tuesday, 03 October 2023 12:48 PM
ඕකිව එල්ලමු