
(අංජුල මහික වීරරත්න)
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් වී තිබෙන්නේ යැයිද ගල්කැටිය මහතා කීය.
මේ වසර අවසානය වන විට ගුවන් මගීන් කෝටියක් ගුවන්තොටුපළ භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.
2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කළ සමස්ත මගින් ප්‍රමාණය ලක්ෂ 50ක් බවත් 2023 වසරේදී එම ප්‍රමාණය ලක්ෂ 80ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස තුනට සංචාරකයෝ 850000ක් එති... සහ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇත.
පැමිණෙන ගාණ වැඩිකරගත්තාට වැඩක් තියනවාද, ගුවන් තොටුපොළේ පරිපාලනය විදිමත් කරගන්නේ නැතිව. අනික ලංකාවට කොපමණ සංචාරකයෝ ආවත් වැඩක් තියනවාද? ඔවුන්ට රට ඇතුලේ පහසුකම් වැඩිදියුණු කරන්නේ නැතිව. බොහෝ තැන්වල තියෙන්නේ සංචාරකයින් ගසාකෑම නිසා එවැනි අය දෙවැනි වතාවට ලංකාවට එන්නේ නෑ. මේ තත්වය තියෙන්නේ 30% විතර, නමුත් ඔවුන් දමන රිවීව්ස් නිසා සංචාරකයන්ගේ අඩුවීමක් වෙන්න පුළුවන්. මේ ගැන රජයෙන් කිසිම පියවරක් ගන්නා බවක් පේන්න නෑ...
ගුවන්තොටුපළ තුළ පිළිවෙලක් නෑ. තියෙන සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන මිනිසුන් එතැන ගොඩගැහිලා ඉන්න එක වළක්වන්න පුළුවන්. කට්ටිය සාරි ඇඳගෙන ටයිකෝට් දාගෙන එහෙට මෙහෙට වැනෙනවා විතරයි. ආකල්පමය වශයෙන් වෙනස්වෙලා මීට වඩා සුහදව වැඩ කරන්නේ නම් වඩා හොඳයි...
විශේෂයෙන්ම, හැම නගරයකම ඉන්න තටු නැති කාක්කන් වෙනුවෙන් වෙනම නිතියක් හදන්න ඕනේ. මිනිස්සුන්ට සල්ලි ඕනෑ තමයි. ඒත් රටේ නමට හානියක් කරන දේවල් බොහෝමයි. ඒවා ගොඩක් ඔය වීඩියෝ බලනකොට පේනවා.
රටේ කොහේවත් පොදු පහසුකම් දියුණු කර නෑ. සාමාන්‍ය ජනතාවට පාවිච්චියට ගන්න තත්ත්වයේ පවතින පොදු වැසීකිලියක් කොළඹ නගරයේත් නෑ. කිසිම සංචාරකයෙක් දෙවන වතාවට මෙහි එන්න කැමැත්ත නෑ... වගේම ඔවුන් සමාජ මාධ්‍යවලට දමන තොරතුරු බහුතරයක් ඍනාත්මක. මේ තත්ත්වය වෙනස්විය යුතුයි.
මේ ව්‍යාපාර රැකගන්න කළහැකි සියළුම දේ කරන්න.