(අංජුල මහික වීරරත්න)

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම  වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-9-21 දින සිට 2024-1-21 දක්වා මාස 4 ක කාල සීමාවක් සඳහා ඔක්ටේන්  92 වර්ගයේ නැව් තොග හතරක් මිලදී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැදවා ඇත.

ඒ සඳහා සමාගම් හතරක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.