(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට පියවර ගෙන ඇතැයි රජය පවසයි.
හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදීද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙන බවද රජය කියයි.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණයක් වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් දහයක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක් කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙකකට පස්සේ ඒ මිනිස්සු බඩගින්නෙ හිටියට කමක් නැතුව ඇති.
මාලිමාවට තියෙන රැල්ල හාල් දීලා හරවන්න බෑ දැන්
ඡන්දේ පහුවුණාම හුළං බොන්නයි වෙන්නේ...
ඒකට වෙන්න ඇති ආසියානු බැන්කුවෙක් ණයක් ඉල්ලලා තියෙන්නේ, ඡන්දෙට අතින් වියදම් කරලා නිකන් දීලා ඡන්දෙන් පස්සේ තවත් ලොකු බද්දක් ගහයි.. ඒ ගත්තු ණය ගෙවන්න.
ටයි පළඳින බාල මහත්තයා
වැඩකරන ජනතාවට බදු ගහලා නිකමුන්ට කවන්න ආණ්ඩුවට තිබෙන අයිතිය මොකක්ද.?. තවදුරටත් නිකමුන් බෝවීම ප්‍රවර්ධනය...
හ්ම්ම් සත්ව කරුණාව පාහල වෙලා.. හෝ,, හෝ,, අපි දන්නවා ඔය හැරෙන්නේ මොකාටද කියලා..76 ක් ම ඔහොම කලානේ 77 JR ඇට 8 ක් දෙනවා කියලා 6/5 ක බලය අරන් කරපු හරිය අමතක නැහැ.. සිල් රෙදි ද ඊලගට ටකරන්ද, වැසිකිලි පෝච්චිද, සිමෙන්ති කොට්ටෙද
හිටපු ගමන් සත්ව කරුණාව පහළවෙලා... ඡන්දෙට කලින්... ජනතාව අන්දවන්න වගේ හදන්නේ...
චන්ද ගුණ්ඩු එහෙම නෙවෙයි ඕන්.
මාස දෙකක් බත් කාලා මේ ජනපීඩිත ආණ්ඩුව ඡන්දෙන් ගෙදර යවමු.
දැන් මේ රටේ හිඟන අයට කන්න දෙන්න වෙන්නෙත් අපි දුක් මහන්සිවෙලා හම්බකරන මුදල් වලින්ද..? උන්ගේ වාසියට මේවා යෝජනා කරන්නේ හරියට එවුන්ගේ අම්ම අප්පාගේ බුදලෙන් දෙනවා වගේනේ...? දෙන එකාලටයි, පිනට කකා ඉන්න එවුන්ටයි හොඳක් නම් වෙන්න එපා!!!
මාස 2ක් නොමිලේ හාල් දීලා, අවුරුදු 5ක් හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. හාල් ටික අරන්, ඡන්දය නොදී ඉන්න...
ලංකාවේ ඇතැමුන්ට දුන්නත් බණියි, වැරැදියි... ... නුදුන්නත් බණියි, වැරැදියි.
දුප්පත් මිනිසුන්ගේ ඡන්දගොඩ ආණ්ඩුවට පක්ෂව ලබාගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙම සහල් දීමනාව ලබාදෙන බව මේ ප්‍රවෘත්තියට ඇතුලත්කලානම් එය වඩාත් නිවැරදි ප්‍රවෘත්තියක්වේ.