IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාවිල්ආරු කුඹුරු අක්කර 25,000 කට ජලය ලබා දෙයි

 

( නිමල් ජයරත්න)
 
පොළොන්නරුව වැලිකන්ද හරහා ගලා බසින මහවැලි ගංගාවේ  අතු ගංගාවක් වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයෙන් අමුණක් ඉදිරිකර එම ජලය මාවිල්ආරු ප්‍රදේශයේ  කුඹුරු අක්කර 25,000 කට අවශ්‍ය ජලය ලබාදිමේ මෙහෙයුමක් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් මගින් ක්‍රියාත්මක කර තිබේ.
 
කන්කාඩු ප්‍රදේශයෙන් අතුගංගාවක් ඔස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මුහුදට ගලා බසින් එම ජලකද වැලිකොට්ට 8000 ක් හරස් කර මාවිල්ආරු ප්‍රදේශයේ මුතුර්, සේරුවාවිල, වෙරුගල්, ඊච්චලම්පත්තු යන ප්‍රදේශ වල වි වගා කරන ගොවින්ට අවශ්‍ය ජලය ලබාදිම මෙහි මූලික අරමුණ බව සිවිල් ආරක්ෂක බලකායේ පොළොන්නරුව කලාප භාර අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතා සදහන් කලේය.
 
පසුගිය 14 වෙනිදා ආරම්භ වු මෙම මෙහෙයුම දින හයක කාලයක් සිදුකරන අතර ඒ සදහා පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් 110 කට ආසන්න ප්‍රමාණයක් යොදවා මිටර් 238 ක් දුරට වැලිකොට්ට අමුණ ඉදිකරන බවද කුමාර මහතා කිය.
 
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පිරිස් මහතාගේ සංකල්පයකට අනුව පොළොන්නරුව අණදෙන නිලධාරි මේජර් දිනෙෂ් කුමාර මහතාගේ මෙහෙය විමෙන් මෙම මෙහෙයුම අඛංඩව දින හයක් පුරා සිදු කෙරේ.
 
මෙම මෙහෙයුම සදහා වාරිමාර්ග දෙපාර්තාමේන්තුවේ මුතුර් ඉන්ජිනේරු සහකාර රුවන් සුභසිංහ මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක්ද එම ප්‍රදේශයට ගොස් දිවා රාත්‍රි වෙහෙස නොබලා ඝන වනාන්තරයේ අලි කොටි වලසුන් මැද නවාතැන් ගෙන සිවිල් ආරක්ෂක බලකායට විශාල ශක්තියක් සහ උපදෙස් ලබාදෙන බවද මෙජර් දිනෙෂ් කුමාර මහතා අපකල විමසිමකදි සදහන් කලේය.
 
තාවකාලික කුඩාරම් ඉදිකර ඒ තුල නවාතැන් ගනිමින් දැඩි වෙහෙසක් ගෙන මහවැලි ගඟට බැස ගඟේ වැලි උර වලට පුරවා මෙම අමුණ ශක්තිමත්ව සිවිල් ආරක්ෂක බලකාය මගින් ඉදි කිරිමට දැඩි වෙහෙසක් ගන්නා අතර මෙම අමුණ ඉදිකිරිමෙන් අපතේ යන ජලයෙන් මාවිල්ආරු ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ගොවි පවුල් රැසකට යලමහ දෙකන්නයේ වී වගාවට අවශ්‍ය ප්‍රමාණවත් ජලයක් ලබාගත හැකි බව කුමාර මහතා වැඩිදුරටත් සදහන් කලේය.
 
අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා කෘෂිකර්මාන්තය සංවර්ධනය සදහා ලබාදෙන දායකත්වයටද මෙම ව්‍යාපෘතිය මහත් පිටුවහලක් වනු ඇති බවද කුමාර මහතා පැවසිය.
 



අදහස් (5)

මාවිල්ආරු කුඹුරු අක්කර 25,000 කට ජලය ලබා දෙයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 June 2020 05:36 AM

තරුණ ජවය රට වැඩුමට යොදනු සිතා... දිරිය පුතුන් මහ එඩියෙන් පෙරට එතා... දෑතට ගෙන සවිය බැරිබර කරට ගතා... ජාතිය නුඹට බාරයි මගෙ වීර පුතා...

:       8       505

sl Monday, 15 June 2020 05:38 AM

සුපිරි, කොම්පෝස්ට් පොහොර හදන වැඩකුත් පටන්ගන්න...

:       8       159

පහන් Monday, 15 June 2020 05:42 AM

කළ නොහැක්කක් නොමැත ! ජයෙන් ජය !

:       7       177

Pradeep Monday, 15 June 2020 04:43 PM

වැඩේ නම් අති විශිෂ්ඨයි. මීට පෙර මේ ගැන කිසිවෙකුටත් අදහසක් පහළ නොවීම ඛේදනීයයි. අනික තමයි අධික වැසි සමයේදී මේ වැලිකොට්ට ඔරොත්තු දේවිද කියන ගැටළුව. මෙහි සාර්ථකත්වය බලා ස්ථිර වැඩ පිළිවෙලකට යන්නේ නම් අගනේය.

:       0       25

saminda Tuesday, 16 June 2020 07:26 AM

සුපිරි වැඩක්... ජයවේවා...!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site