(කේ .බුද්ධික කුමාරසිරි සහ උඳුගොඩ වාර්තාකරු)

හැටන් කොළඹ මාර්ගයේ ගුරුමැතිය ප්‍රදේශයේදී මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා  ගොස් ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී හමු වූ බව පොලීසියට හමුවූ  බව කිතුල්ගල පොලිසිය පවසයි.

අදාල බිළිදාගේ මව ඇතුලු පිරිසක් ත්‍රීරෝද රථයකන් නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව  බලා යමින් සිටියදී මවගේ ඇකයේ සිට් බිළිදා මවට නින්ද යාම නිසාවෙන් නොදැනීම ලිස්සා ගොස් මාර්ගයට වැටී ඇතැයිද පොලිසියකියයි.

බිළිදාගේ මව ඇතුලු පිරිස ත්‍රිරෝද රථ දෙකකින් පවුල් දෙකක් කතරගම හරහා නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව බලා යමින් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම සිදුවීම ඉකුත් 28දා  මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී සිදු වී ඇති අතර එම මාර්ගයේම ත්‍රිරෝද රථයට පසුපසින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ වැටී සිටි බිළිඳා ව දැක නැවත හරවාවිත් පරීක්ෂාවට ලක්කර ඒ පිළිබදව කිතුල්ගල පොලිසිය දැනුවත් කර ඇත.
 එම මෝටර් රථයේ පුද්ගලයින් කුඩා බිළිඳාව කිතුල්ගල පොලීසියට වෙත රැගෙන ගොස් ඇති අතර පොලීසිය විසින් කඩිනමින් බිළිඳාව කිතුල්ගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි

මේ අතුරතුර දරුවා නොමැති බව දැනගත් ත්‍රිරෝද රථයේ ගමන්කළ පිරිස නැවත හරවාගොස් මාර්ගය සෝදිසි කරමින් ගමන්කරමින් සිටියදී දරුවා රෝහල්ගතකළ බව ප්‍රදේශවාසියකු මාර්ගයෙන් ඔවුන්ට දැනගන්නට ලැබී ඇති අතර අනතුරුව මව ඇතුළු පිරිස කිතුල්ගල රෝහලට ගොස් ඇත

අනතුරුව මව එම රෝහලට ගොසින් දරුවා භාර ගෙන  ඇතැයි පොලීසිය කියයි. සීරීම් තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කල සිගිත්තා එතනින් කරවනැල්ල රෝහලටත් වැඩ්දුර ප්‍රතිකාර සදහා කොළඹ ළමා රෝහලට ඇතුලත්  කර ඇති අතර දරුවා මේ වන ව්ට සුවසේ සිටින බවත් පොලීසිය කියති.