(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන සේනාධීර පතිරගේ රුවන් මතීෂ පෙරේරා දරුවායි
සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී සිට ඇති අතර වැඩිමල් සහෝදරිය අමතර පන්තියකට ගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෑද්දුම් කරුවෙකු ලෙස සේවය කරන පියා රැකියාව නිම වී නිවසට පැමිණ කාමරයට යාමේදී දරුවාගේ සිරුර බිත්තියේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හොරණ මූලික රෝහලට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි
හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද ඔහු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
දරුවා මවගේ කොන්ඩයට දමන කොන්ඩ බූලක් ගෙලට දමා ගෙන පොත් බෑගය එල්ලීම සඳහා බිත්තියේ ගසා තිබූ ඇනයකට කොන්ඩ බුලය එල්ලෙන පරිදි දමාගෙන පුටුවකින් බිමට පැන ඇති බවට පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ලෙසට තනිව නිවසේ දමාගිය දෙමාපියන් වරදක් කරල නැද්ද
සැකසහිත මරණයක්... 8 හැවිරිදි දරුවකුගේ ගෙල සිරවී මැරෙන්න තරම් අම්මගේ කොණ්ඩ බූලිය හෝ බෑග් එක එල්ලන ඇණයට දරාගන්න පුළුවන්ද? ඇණය කඩා වැටීමක් වෙන්නේ නැද්ද?