IMG-LOGO

මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන සේනාධීර පතිරගේ රුවන් මතීෂ පෙරේරා දරුවායි

සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී සිට ඇති අතර වැඩිමල් සහෝදරිය අමතර පන්තියකට ගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෑද්දුම් කරුවෙකු ලෙස සේවය කරන පියා රැකියාව නිම වී නිවසට පැමිණ කාමරයට යාමේදී දරුවාගේ සිරුර බිත්තියේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හොරණ මූලික රෝහලට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි

හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද ඔහු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

දරුවා මවගේ කොන්ඩයට දමන කොන්ඩ බූලක් ගෙලට දමා ගෙන පොත් බෑගය එල්ලීම සඳහා බිත්තියේ ගසා තිබූ ඇනයකට කොන්ඩ බුලය එල්ලෙන පරිදි දමාගෙන පුටුවකින් බිමට පැන ඇති බවට පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

 



අදහස් (2)

මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී

වීරසිංහ Friday, 07 October 2022 11:35 AM

අට හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ලෙසට තනිව නිවසේ දමාගිය දෙමාපියන් වරදක් කරල නැද්ද

:       2       10

Rexi Friday, 07 October 2022 03:05 PM

සැකසහිත මරණයක්... 8 හැවිරිදි දරුවකුගේ ගෙල සිරවී මැරෙන්න තරම් අම්මගේ කොණ්ඩ බූලිය හෝ බෑග් එක එල්ලන ඇණයට දරාගන්න පුළුවන්ද? ඇණය කඩා වැටීමක් වෙන්නේ නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 96 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site