IMG-LOGO

මවගේ කෝටි ‌2ක ගෑස් ඉස්සූ පුතා මාට්ටු

(සිතුම් චතුරංග)

ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය කියයි.

ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ ඇතුලුවී ඇති සැකකරු රුපියල් දෙකෝටියකට අධික වටිනාකමින් යුත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අදාල ව්‍යාපාරික කාන්තාව විසින් නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථය අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

ලොරි රථයේ සේවය කළ රියදුරු ගෑස් සිලින්ඩර බෙදාහැරීම් සිදුකොට ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ ලොරි රථය නවතා ඇති අවස්ථාවක නිවසේ කිසිවෙකු නොමැති බවට සැලවීමත් සමඟ පැමිණ ඇති සැකකරු නිවසේ දොරගුළු බිඳ ගෑස් සිලින්ඩර තොගයක් ලොරි රථයට පටවා රැගෙන ගොස් ඇති බවද පැවසේ.

කොල්ලකෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය සැකකරුගේ නිවසේ සඟවා තිබී ඇති අතර දින කිහිපයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට තිබූ බවත් පොලිසිය පැවසීය.

පියා මියගිය පසු දේපල බෙදීයාම සම්බන්ධයෙන් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත සැකකරු මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරු සිය මවගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ අරමුණින් ගෑස් සිලින්ඩර සහ ලොරි රථය කොල්ලකා ඇති බවයි.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව , ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකුවේ.

සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙළුක්කුලම පොලිස් ස්ථානාධිපති සී.එම්.පි.ආර්.කේ දිවුල්වැව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මවගේ කෝටි ‌2ක ගෑස් ඉස්සූ පුතා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 472 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site