(සුමිත් පොතුපිටිය)
මවගේ අනුබලය ඇතිව 15 හැවිරිදි දැරියක ගණිකා වෘත්තීයේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයන් පානදුර , කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචි දැරියව මුදලට ලබාගෙන ඇය සමග ලිංගිකව හැසිරුනු පුද්ගලයන් බව පොලිසිය පවසයි. ඔවුන් අතර අවුරුදු 84 ක් වයසැති ලියවන පට්ටල් කරුවකු සිටින බවද පොලිසිය කීය.
බාල වයස්කාර දැරියක වැඩිහිටි පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට තොරතුරක් පිළිබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලද උපදෙස් මත කාන්තා උප පොලිස් පරීක්ෂක කමලා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම දැරිය මුදාගෙන රෝහල් ගතකර තිබේ.
ලබාදී ඇති ප්‍රකාශ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව වැඩිහිටි පුද්ගලයන්ට අලෙවිකර හෝටල් කාමරවලට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ වැඩියම කියන රටේ වැරදි වැඩියෙන්ම වෙනවා. බණ කියන බොහෝ අයද බොහෝ පව් කරමින් මුදල් පස්සේම දුවනවා. මේ වැරදි ඉස්සෙල්ලා නිවැරදි කල යුතුයි.
අඩ බොහො රුවන්ට වඩාත් ම අනාරක්ශිත තැනක් වෙලා තියෙන්නෙ තමන්ගෙම නිවස. . වඩාත්ම හානිකර පුද්ගලයන් වෙලා තියෙන්නෙ තමන්ගෙම මව්පියන්.. මෙක ඉතාම දරුනු තත්වයක්..
මට නම් ඇත්තටම තේරෙන්නේ නෑ, මේ විස්තරයේන් රටට තියෙන ප්‍රවෘතිමය වටිනාකම. දේශබන්දුලා වගේ අය නිකම් මේ වගේ සිඟිති වැටලීම් කරල පත්තර වල නම දාලා ලකුණු දාගන්න දරන හිරිකිත ගතිය හරිම අප්‍රසන්නයි. Senior DIG කෙනෙක් ඉන්න ඕනෙ මේවටද? රටේ තව කරන්නවනම් DIG කෙනෙක් කරන්න ඕන වැටලීම් දහසක් තියෙද්දී මේ අහිංසක ගෑනු ලමයෙක්ගෙ සිද්ධියක් අල්ලගෙන නම පලකරගන්න දරන උත්සහය....ඊයා ඒ වගේම අපේ මාධ්‍ය මිතුරනි දැන් වත් අනවශ්‍ය අය පුම්බන්න එක නතර කරන්න. පොලිසීය කලේ එයාලගෙ රාජකාරිය. ඔයාල ඩොක්ටර් කෙනෙක් ලෙඩෙකුට උණට බෙහෙත් කරල සුව කරා කියන එක ප්‍රවෘතියක් විදිහට දකින්නෙ නෑ නේද. මේකත් ඒ වගේ තමා. වඩු මහතෙක් මේසයක් හැදුව කියන එක ප්‍රවෘ තියක් නෙවෙයි වාගෙ මේකත් එහෙමම එකක් තම (මට විශ්වාසයි ඔබලා මේ කමෙන්ට් එක පබ්ලිශ් නොකරන වග)