
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ ඔන්ටාරියෝහි නිවසක හටගත් අභිරහස් ගින්නකින් එකම පවුලේ මව,පියා සහ දියණිය මියගොස් ඇත.
නිවසේ අභිරහස් ගින්න පසුගිය 7 වැනිදා හටගෙන ඇති බවත් පසුගිය 15 වැනිදා මෘත දේහ හඳුනාගත් බවත් කැනඩා පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත පවුලක් බවත් 51 හැවිරිදි රජීව් වරිකෝ ඔහුගේ බිරිඳ වන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ දියණිය වන 16 හැවිරිදි මහේක් වරිකෝ මෙලෙස ගින්නට හසුවී මියගොස් ඇති බවත් කැනඩා පොලිසිය පැවැසුවේය.
මුලින් වරිකෝ පවුල මියගොස් ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවසේ ස්වභාවිකව ඇතිවූ හදිසි ගින්නක් නිසා බවට තීරණය කළත් මූලික විමර්ශනවලදී මෙය හදිසියේ ඇතිවූ ස්වභාවික ගින්නක් නොවන බවට සාක්ෂි ලැබුණු බව කැනඩා පොලිසිය ප්‍රකාශ කළේය.සැකසහිත ගින්න ආරම්භ වීමට හේතුව සෙවීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් සියලු සාක්ෂි නැවත වරක් මුලසිට පරික්ෂා කරන බවත් කැනඩා පොලිසිය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd