IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මව පැදවූ යතුරු පැදියෙන් ආ මාරයා දියණිය ඩැහ ගනී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දළදාගම්මන කැබිලිතිගොඩවල පුරාණ විහාරස්ථානය අසල දී  සිදු වූමාරක අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 16 හැවිරිදි පාසල් සිසුවියක කුරුණෑගල ශික්ෂණ රෝහලට  ඇතුළත් කිරීෆමන් පසු මියගොස් මාවතගම පොලිසිය කියයි.

යතුරු පැදිය පදවාගෙන ගිය සිසුවියගේ මව ද බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වන බව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ අතපත්තු මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හිමායා කරුණාරත්න නැමැති සිසුවියකි.

සිසුවිය මව විසින් පදවාගෙන ගිය යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩිවී ගමන් කරමින් සිටියදී මාර්ගය මැද එම යතුරු පැදිය පෙරළී ඇතැයි පොලිසිය කියයි.

විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මාර්ගයේ පෙරළී තිබූ යතුරුපැදියේ ගැටීමෙන් මව සහ දියණිය දෙදෙනාම බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (4)

මව පැදවූ යතුරු පැදියෙන් ආ මාරයා දියණිය ඩැහ ගනී

සෙනෙවිරත්න Friday, 03 November 2023 08:58 PM

අම්මලා පැදපු බයික්වල හිටපු දියණියන් මියගිය තෙවන වාර්තාව මසක්, දෙකක් ඇතුළත... නතර කරගන්න හැකි වේගය නොදැනීම.. ලොකු වාහන අස්සේ යාම ... වගේ දේවල් මේවාට හේතුයි.

:       0       7

BilboSaturday, 04 November 2023 06:38 PM

ගොඩාක් ගෑණු අයට කකුල බිම තියන්න බැහැ... නවත්තනකොට. ඒක ලොකු හේතුවක් පෙරලෙන්න හදිසියකදී වන්දි ගෙවන්න වෙන්නේ වෙන අයට... නිවන්සුව පතමි දියණියට...!

:       0       0

pakeer Saturday, 04 November 2023 07:20 PM

හුඟක් ගැහැණු අයට මෝටර්සයිකලේ පාලනය කරගන්න බැහැ...!

:       0       0

duminda Sunday, 05 November 2023 08:42 AM

ගොඩක් කාන්තාවෝ බයික් එකක් පදින්නේ දකුණු පැත්තෙන් ,ඒක හරිම අවදානම් ,වමෙන් යනවා නම් හුඟක් අනතුරු වලින් බේරෙන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site