(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ගමන් ගමන් ගත් ස්කුටි වර්ගයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි පාසල් පාසල් සිසුවියක මියගොස් ඇගේ මව සහ නැගනිය අනුරාධපුර ශික්ෂණ රෝහට ඇතුළත් කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මෙම යතුරුපැදිය පදවාගෙන ගිය එම දැරියගේ මව සහ දැරියගේ අවුරුදු අටක් වයස නැගණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මාරක අනතුරින් මිය මියගොස් ඇත්තේ කුඩා පට්ටිය හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි සසිනි ප්‍රබෝධා සෙනෙවිරත්න නැමැති දැරියකි
ඇය කුඩා පට්ටිය සද්ධාතිස්ස මහා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියාය.
මෙම විදුහලේ පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී සිටි දියණියන් දෙදෙනා රැගෙන මව යතුරුපැදියෙන්නිවස බලා යමින් සිටි අතරවාරයේ මෙම මාරක අනතුරට මුහුණ පා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව පැදවූ යතුරු පැදිය ලොරියේ හැපේ:දියණියක් මරුට
Udhuli Friday, 05 May 2023 01:17 PM
අනේ අම්මේ බැරි වැඩ නොකර පයින් ළමයි අරන් ගියානම් ඉවරයි නේ. දැන් මේ අම්මට මොන දුකක්ද.... ඔබලා දෙදෙනාට ඉක්මනින් සුවය ලැබේවා. මියගිය දියණියට මෙවන් අකල් මරණයක් මින් මතු නිවන් දක්නා තුරු නොමවේවා.
පැරකුම් Friday, 05 May 2023 07:14 PM
මෙම ස්කූටි වර්ගයේ යතුරු පැදිවල තිදෙනෙකුට යාමට අවසර තිබේද?