(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ගමන් ගමන් ගත් ස්කුටි වර්ගයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි පාසල් පාසල් සිසුවියක මියගොස් ඇගේ මව සහ නැගනිය අනුරාධපුර ශික්ෂණ රෝහට ඇතුළත් කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මෙම යතුරුපැදිය පදවාගෙන ගිය එම දැරියගේ මව සහ දැරියගේ අවුරුදු අටක් වයස නැගණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මාරක අනතුරින් මිය මියගොස් ඇත්තේ කුඩා පට්ටිය හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි සසිනි ප්‍රබෝධා සෙනෙවිරත්න නැමැති දැරියකි
ඇය කුඩා පට්ටිය සද්ධාතිස්ස මහා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියාය.
මෙම විදුහලේ පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී සිටි දියණියන් දෙදෙනා රැගෙන මව යතුරුපැදියෙන්නිවස බලා යමින් සිටි අතරවාරයේ මෙම මාරක අනතුරට මුහුණ පා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ බැරි වැඩ නොකර පයින් ළමයි අරන් ගියානම් ඉවරයි නේ. දැන් මේ අම්මට මොන දුකක්ද.... ඔබලා දෙදෙනාට ඉක්මනින් සුවය ලැබේවා. මියගිය දියණියට මෙවන් අකල් මරණයක් මින් මතු නිවන් දක්නා තුරු නොමවේවා.
මෙම ස්කූටි වර්ගයේ යතුරු පැදිවල තිදෙනෙකුට යාමට අවසර තිබේද?