(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය පිටාරගැලීමෙන් රස්නායකපුර , පොළොන්තලාව සහ දිගිලිය යන ගම්මාන වල ජනතව තම එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටිති.

දැදුරුඔය පිටාර ගැලීමෙන් මෙම පිරිස පදිංචි ගම්මන වලට යන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

ඒ හේතුවෙන් කඩිගාව සහ කුරීකුලම පාසල් වලට යන දරුවන්ට එම පාසල් වලට යා නොහැකි තත්වයක් මතුව ඇත. ඇතැම් දරුවන්ට වාර විභාග සහ වෙනත් කටයුතු හේතුවෙන් පාසල් වෙත යාම අනිවාර්ය වූ අවස්ථාවක දෙමාපියන් දරුවන් ඔසවාගෙන ජල පහර මැදින් ගමන් කරන ආකාරය දක්නට ලැබිණ.

 කිරි නිෂ්පාදන ගම්මානයක් වන පොළොන්තලාව ගම්මානයේ කිරි ගොවීන් සහ රැකියා සදහා පිටව යන පිරිස්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

ජලගැලීම හේතුවෙන් 100 කට ආසන්න පවුල් සංඛ්‍යාවක 400 කට අධික පිරිසක් සති දෙකක පමණ කාලයක සිට පීඩාවට පත්ව සිටිති.