
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
වනාතවිල්ලුව මංගලපුර විල්ලුවේ නෙළුම් මල් කැඩිමට ගිය සිසුන් පස් දෙනකු අතරින් සිව් දෙනකු ගමන් කළ තෙප්පම පෙරළි යාමේන් අවාසනාවන්ත ලෙස එම සිසුන් හතර දෙනා මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ජාතික පාසලේ 11 ඩී ශ්‍රේණීයේ අධ්‍යාපනය ලබමින් සිටි සලිස කවිෂාන්,චේතන විශ්මිත,දිලේන් මිහිරංග හා දේශාන් බුද්ධික යන සිසුන් සිව් දෙනෙකු බව කියයි.
මෙම සිසුන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත සිටි සිසුන් සිව් දෙනෙකු බව කියයි.
පාසලේ පැවැත්වෙනෙ බැති ගී ප්‍රසංගය සදහා නෙළුම් මල් කැඩිමට ගිය සිසුන් පිරිසක් බව කියයි.
පාසලේ සාමාන්‍ය පෙළ විභායට පෙනි සිටිමට නියමිත සිටි මෙම සිසුන් සදහා 30 දින විද්‍යාව විෂය සදහා පංති පැවැත්වෙමින් සිටියදී සිද්දියට මුහුණ පෑ පංති වලට පෙනි නොසිට සිසුන් නෙළුම් මල් කැඩිම සදහා ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd