
(විමුක්ති එස් රුද්‍රිගු)
මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් ප්‍රකාශ කර ඇත.
මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.
මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.
මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයිති යුවලගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියාවේදී ලාංකියන් තිදෙනා මැරූ ලාංකිකයින් සොයයි
Bunny Preena Monday, 25 September 2023 10:12 AM
මරන තුන ලොකු අභිරහසක්. නිවාස අයිති යුවලගෙ පුතා මොකද දන්නෙ නැහැ කුලියට සිටි නිවැසියන්ගෙ ගෙදරට වෙලා හිටියෙ තම දෙමවුපියන් ලග ඉන්නෙ නැතිව. පොලිසිය ඔක්කොම විස්තර හොයා ගනීවි.