IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

මැලේසියානු නාවික හමුදාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටි උතුරු ලුමුට් නගරයට ඉහළ අහසේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර හේතුවෙන් එක් යානයක් පිහිනුම් තටාකයක් අසලටත් අනෙක් යානය ක්‍රීඩාංගනයක් අසලටත් කඩා වැටී ඇති බවත් එරට නාවික හමුදාව ප්‍රකාශ කළේය.ක්‍රීඩාංගනයට කඩා වැටුණු යානයේ අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයන් සත් දෙනෙකු සිට ඇති බවත් පිහිනුම් තටාකය අසලට කඩා වැටුණු යානයේ හමුදා සාමාජිකයන් තිදෙනකු සිට ඇති බවත් මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.

අනතුරට හේතුව සෙවීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් පත් කරන බවත් එම විමර්ශන කණ්ඩායම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනු ඇති බවත් මැලේසියානු නාවික හමුදාව ප්‍රකාශ කළේය.දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව එක් හෙලිකොප්ටර් යානයක් පිටුපස කොටස අනෙක් හෙලිකොප්ටර් යානයේ වැදී තිබෙන බව මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.



අදහස් (1)

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට

thissa Tuesday, 23 April 2024 12:29 PM

අපේ එක්කෙනා යන එක තාම හැප්පුනේ නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිංහල බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු
2024 මැයි මස 10 5 0

මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙන


ඩයනාගේ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 10 680 0

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ


සෙනගාල් ගුවන් යානයක් ලිස්සා අනතුරේ
2024 මැයි මස 10 1163 0

අප්‍රිකා රාජ්‍යයක් වන සනගාලයේ ඩකාර් අගනුවර බෙලීස් දියැග්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වෙද්දී ගුවන් පථයෙන් ලිස්සා අනතුර සිදුව


බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 10 472 0

බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී - ශ්‍රී ලංගම බස්‍ රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු ම


සිවිල් බටයන්ට පඩිය ආපහු?
2024 මැයි මස 10 388 1

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත


තුර්කියට ගොඩබාද්දී යානයේ ටයරයක් පුපුරලා
2024 මැයි මස 10 1127 0

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 583 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2072 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1813 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site