(විමුක්ති එස් රුද්‍රිගු)
මැලේසියාවේ සෙන්තුල්හිදී සිදු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත් අඩංගුවේ සිටියදී පසුගිය සෙනසුරාද මියගිය බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් අද(02) ප්‍රකාශ කළේය.
ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ඝාතන සිදුකිරීමට උදව් දුන්නේ යැයි සැක පිට පෙටලින්ග් ජයා ප්‍රදේශයේ නිවසක සිටියදී තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සහ පාකිස්තානු ජාතිකයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානියා පෙන්වා දුන්නේය.
එම සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් ප්‍රකාශ කළේය.
මේ වන විට මියගිය ශ්‍රී ලාංකිකයා හැරුණු කොට තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු සහ පකිස්තාන ජාතිකයෙකු එම ඝාතන සිද්ධිය සම්බන්ධ යැයි සැක පිට අත් අඩංගුවේ පසුවන බව අබ්දුල් මජිඩ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන්නන් බවද ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියා ඝාතනයට ඇල්ලූ සැකකරුවකු කූඩුවේ දී මිය යයි
බණ්ඩා Tuesday, 03 October 2023 12:56 AM
සහරාන් කතා කරනවාට බය පිරිසක්ද සිටින බව මතක තබාගන්න...