(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම හා සීදුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ත්අඩංගුවට ගත් සැකකරු 2007 සේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවන ගැමුණු හේවා බලඇණියේ විශේෂ බලකායට අනුයුක්තව සේවය කර 2017 වසරේ පලා ගොස් ඇති බව පොලිසිය කියයි
.හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා උන්වහන්සේ ඝාතනය කර පලා ගොස් තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd