(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගන්නා විට රටේ ගොවි ජනතාව ගැන උපරිම විශ්වාසය තබා කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවෙි පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මල්වතු මහා නා හිමියෝ මේ බව කීහ.

රටේ ආහාර මිල ගණන් ඉහළ යාම පිළිබඳව මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පවතින කැළඹිලි සහිත බව පිළිබඳව මහ නාහිමියෝ අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.

එහිදී අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කළේ දේශීය ගොවීන් කෙරෙහි උපරිම විශ්වාසය තබා කටයුතු කරන බවයි.කෘෂි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා තීන්දු තීරණ ගැනීමේදී නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා විමසුවද  ඒ පිළිබඳ අවසන් තීන්දුව ගන්නේ මහ පොළොව සමඟ කටයුතු කරන ගොවි ජනතාව නැමැති විශේෂඥයන්ගේ උපදෙස් අනුව බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.