(යොහාන් භාසුර)
මුල්ලේරියාව සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පුද්ගලයන් ඉලක්කමින් පසුගිය කාලයේ වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධිවල සැබෑ වෙඩික්කරුවන් යැයි කියන සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හදුනාගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම සිද්ධිවල වෙඩික්කරුවන් යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයේ සිටියදී මියගියේ එම වෙඩි තැබීම් සිදුකළ සැබෑ අපරාධකරුවන් නොවන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇතැයි දැනගන්නට තිබේ.
අහුන්ගල්ල නගරයේදී ත්‍රීරෝද රථ රියදුරකුට වෙඩි තැබුවේ යැයි කියන ‘දන්කුඩ්ඩා’ නැමති සැකකරු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හෝකන්දර සිංහපුර ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධියේ වෙඩික්කරු යැයි පවසූ පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිපහරින් මරණයට පත්වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් ඉන්දික ප්‍රභාත් නැමැත්තා එම සිද්ධියේදී කාර් රථය පැදවූ තැනැත්තා බවත් පොලිසිය කීය.+
අහුන්ගල්ල වෙඩි තැබීම, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතනය සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුකළ වෙඩි තැබීම ‘පොඩි පැටියා’ නැමති පුද්ගගලයා කොන්ත්‍රාත්තු මත කළ ඒවා බවට ආනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් ඝාතනයේ වෙඩික්කරු යැයි පවසමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තුවාන් සිරාෂ් නැමැත්තා එම අපරාධයට කළේ යැයි කියන ගිනි අවිය පෙන්වීමට ගොස් ගල්වලකින් ඇද වැටීමිය ගිය බවත් එම සිද්ධියේදී ‘සුනාමියා’ නැමති පුද්ගලයා යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇති අතර ‘පොඩි පැටියා’ නැමැත්තා වෙඩි තැබීම කර ඇති බවත් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හෙළි කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd