( අයි ආර් ඉන්දික)
මහගෙදර ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු බහින්බස්වීමකින් පසු මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පාරකින් අයියා බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය 3 කනුව කෝනගහරැප්ප ප්‍රෙද්ශයේ පදිංචි 32 හැවිරිදි විවාහක තිදරුපියෙකු වන සුමේධ සම්පත් වීරරත්න නැමති අයයි .
කාලයක සිට මහගෙදර ඉඩමට තිබු ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති අතර ඊයේ (29) රාත්‍රි මෙම නිවස ඉදිරිපිට මල්ලි රාත්‍රි කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතැ එම ස්ථානයට පැමිණි අයියා ඔහු සමග ඇතිකර ගත් බහින්බස් විමක් අතරතුරදි ලූණු කපමින් සිටි පිහියෙන් අයියාට ඇන තිබේ .
වහාම වැල්ලවාය රෝහලට ඇතුලත් කල අයියා එතැනින් මොනරාගල මහා රෝහලට මාරුකර යවා ඇති අතර එහිදි මියගොස් තිබේ .
සැකකාර මල්ලි වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් කරපු වැරදි කියලා කියන්න පුළුවන්. ඒ ගමන්ම කියන්න පුළුවන් අයියත් මරල ලබාගත් දේවල් දැන් තනියම යනකොට බරටම ගෙනියන්න ලැබේවි. මම දන්න විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයාගෙ තාත්තා ඉන්න කාලයේ පවුලේ වැඩිමහල් පුතාට ඒ පුතාගෙ නිවසට යාබද ඉඩමක් වගා කරන්න කියලා වාචිකව දීලා තියෙනවා. මෙහෙම දිගුකලක් ගතවෙලා තියෙද්දි ඉඩකඩම් විශාල ප්‍රමාණයක් හිමි පවුලේ බාලම හිටපු විදුහල්පති පුතාත් අර තමන්ගෙ ලොකු අයියා භුක්තිවිදින ඉඩමට අයිතිවාසිකම් කියමින් නඩුවක් කියනවා .තන්හාය ජායතී සෝකෝ.
තණ්හාය ජායතී සෝකෝ.........මිනිස්සු දැන් සත්තුවගේ වෙල ඉවසීම ඇත්තෙම නෑ.... මියගිය සොයුරාට නිවන්සුව පතමු.