(සුරංග රාජනායක)

ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසයි .

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ගම්පොල නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ නැමැති සිසුවායි.

ගම්පොළ විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඔහු මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිට විභාගය අවසන් වීම සමඟ ගම්පොල අටබාගෙ උඩගම ප්‍රදේශයේ පදිංචි තම පාසල් මිතුරාගේ නිවසට ගොස් ඇති මොහු පසුව දෙදෙනාම එක්ව මෙසේ අටබාගේ ඔයට දියනෑමට ගොස් තිබේ.

දිය නාමින් සිටි දෙදෙනාම ඔයේ පහළට ගසාගෙන ගොස් ඇති අතර උඩගම සිසුවා දිවි ගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව එදින රාත්‍රිය වන තුරු මොහු සෙවුවද හමු නොවූ නිසා අද( 7 ) යළි සෙවීම ආරම්භ කර ඇත.

පුස්සල්ලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .