(චමිල් රූපසිංහ)
දඹදිව වන්දනාවේ ගොස් ආපසු එන පිරිස් සමඟ මැලේරියා රෝගය යළි මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි.
දඹදිව වන්දනාවේ ගොස් යළි මෙරට පැමිණි මහනුවර තෙල්දෙණිය,පොල්ගොල්ල,වට්ටාරන්තැන්න සහ අගුණකොළපැළැස්ස වැනි ප්‍රදේශ වලින් මැලේරියා රෝගීන් පස්දෙනෙකු හඳුනා ගෙන ඇත.
මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වර්ෂ 2016 දී ප්‍රකාශයට පත්කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මැලේරියා රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති රටවල් අතර ප්‍රධාන පෙලේ ස්ථානයක් ඉන්දියාව උසුලන අතර ජන ඝනත්වය හා රටෙහි විශාලත්වය හේතුවෙන් එය මර්ධනය කිරීම ඉන්දියාවට ගැටලුවක් වී තිබෙන බව වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි.
බුද්ධශාසන අමාත්‍යාංශයේ දත්ත වලට අනුව වාර්ෂිකව ලක්ෂ පහක පමණ පිරිසක් දඹදිව වන්දනාවේ යෙදෙන බවද ඒ මහතා පැවැසීය.
මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා පවසන්නේ දඹදිව සංචාරයෙහි නිරතවීමේදී මැලේරියාව බහුලව පවතින ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමට ද සිදුවන නමුත් නිසි ආරක්ෂිත ක්‍රියාමර්ග ගන්නේ නම් ඉන් වැළකී සිටීමට හැකි බව ය.
දඹදිව වන්දනාවේ ගොස් ආපසු පැමිණි පසු වෛද්‍ය පරීක්ෂාවක් කර ගැනීම වඩා උචිත බවද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු මදිවට දැන් මැලේරියා වත් ව්‍යාප්ත වෙන්නද යන්නේ??
ගොතම බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව මේපමණ එළිවෙලා තියෙද්දී වාර්ෂිකව ලක්ෂ පහක පමණ පිරිසක් දඹදිව වන්දනාවේ යෙදෙනවා කියන්නේ මොන අපරාධයක්ද ? ඉන්දියානුවන්(ජයිනයන් ) විසින් ගොවුතම බුද්ධ සාමි ලෙස හදුන්වන ජයින මහාවිර ගේ පිළිම හා ඔහුට සම්බන්ධ ස්ථාන බලන්න ඉන්දියාවේ යනවා.