(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වසර මැද මූල්‍ය තත්වය(2023)  වාර්තාව  පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (8) පැවැත්වේ. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි.

මේ අතර ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය  අනිදදා ( 9 ) පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ  මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පැවසුවාය.

වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු  පිළිබඳ කල් තැබීමේ විවාදය 10 දා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව හෙට (8) සිට  ලබන 11 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇතැයි  පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සඳහන් කළාය.