IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මූල්‍ය ආධාර තවදුරටත් ඕනෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩිජිටල්කරණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සඳහාත් ස්ථාවර මූල්‍ය අංශයක් ඇති කිරීම සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ  තාක්ෂණික සහාය සහ මූල්‍ය ආධාර තවදුරටත් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතාට ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා අතර පැවති හමුවේදී අලි සබ්රි මහතා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක දී  ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් විශිෂ්ට හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය පිළිබඳවත් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන සහාය පිළිබඳවත් ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා එහිදී ප්‍රකාශ කර ඇත.ආර්ථික අර්බුදය උග්‍ර වීම වැළැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව සහ ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩි තාලමක් දැමීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මසට්සුගු අසකාවා සිය ප්‍රසාදය පළ කර තිබේ.

ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අඛණ්ඩව ලැබෙන බව අසකාවා මහතා පවසා ඇත.



අදහස් (0)

මූල්‍ය ආධාර තවදුරටත් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site