
(සුජිත් හේවාජුලිගේ )
පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.
එසේම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කරන ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්වය යටතේ අකමැත්තෙන් හෝ එම තීරණයට යෑමට සිදුවන බවයි.
පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් රටට අත්වන වාසි සහ අවාසි තත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව පැවසූ මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳවූ පැහැදිලි ස්ථාවරය ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි කළ බවද ප්‍රකාශ කළේය.
එසේ කටයුතු නොකළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකි බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
මේ අතර රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක්ද තමා රජයට බාරදී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් දවස් ඔලුව උදුම්මවාගෙන හිටපු හොරුන් ඔලුවෙන් හිටගෙනද?
යන්නේ නැහැමයි කියලා දැන් යනවයි කියනවා. මේ අය ඉඳගෙනද? හිටගෙනද? ඉන්නේ කියලවත් දන්නේ නැද්ද කොහේද?
හොරකම් කරපු සල්ලි මෙහෙ බැංකුවල දාන්න. ගිය 2019 දෙසැම්බර් ඉඳන් අද වෙනකොට ඩොලර් මිලියන 5500 ක් මිසින්ග්.. හොරු එක්ක මොන ගොඩ ඒමක් වත් නැහැ...
මහත්මයා, හිඟන්නන්ට කොහෙන්ද උණු බත්? දැන් ඉතින් අපි අයි.එම්.එෆ් එකේ සුද්දෝ කියන විදියට අපේ ආර්ථිකය කළමනාකරණය කර ගමු. මොකද ඇත්ත කතාව නම්, අපි නිදහස් රටක් වුණත්, අපේ දේශපාලකයින් තවමත් රටේ මූල්‍ය කළමනාකරණය කිරීමට තරම් පරිණත උදවිය නොවීමයි...
ආර්ථික අනවබෝධය මේකෙන් පෙන්වන්නේ. මුලදී IMF යන්නේ නෑම කියලා කියපු අයට දැන් IMF හොඳවුනේ කොහොමද? දැන් මේකෙන් ආධාර ගත්තත්, නැතත් රටට සිදුවූ අවාසිය දෙගුණ තෙගුණ වී හමාරයි. ඩොලර් බිලියන 5 ක් පමණ නිරපරාදේ නාස්තිකළා. බැංකු ක්‍රමයට ඩොලර් එවීමේ විශ්වාසය බිඳ වැටුණා. රටේ ඩොලර් සංචිත වේගයෙන් පිරිහුණා. විනිමය අනුපාතය හිතුවාටත් වඩා වේගයෙන් ඉහළගියා .. කොටින්ම කිව්වොත් රටම අවුල් ජාලයක් කළා...
කබ්රාල් තමයි අයි එම් එෆ් එකේ ආධාර සහ උපදේශන අපේ රටට අවශ්‍ය නැති බව අවධාරණයෙන් කියා සිටියේ. ඔහුත් ළිං මැඩියෙක් බව වටහා ගැනීම රටට හොඳයි.
පවතින අර්බුධය කල්තියා දැක්කයි කිව්වෙ මේ වගේම වෙන්නැති...